Print this Article


මහ බෝ පෙරහර 25 වනදා

මහ බෝ පෙරහර 25 වනදා

සිරි සිදුහත් භික්‍ෂු පදනම සහ සිරිමහා බෝ පදනම වාර්ෂිකව පවත්වනු ලබන මහ බෝ වන්දනාව සහ ඓතිහාසික මහ බෝ පෙරහර මෙම ජනවාරි 25 වන දින පස්වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

මෙදින පෙරවරු 6.30 ට මහනුවර කටුගස්තොටින් ආරම්භ කරන මහ බෝ පෙරහර අනුරාධපුර ථූපාරාම චෛත්‍යය අබියසට පැමිණ පස්වරු 2.00 ට ථූපාරාම චෛත්‍ය අබියසින් පෙරහර ආරම්භකර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දක්වා ගමන් කරවනු ඇත.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආශීර්වාදය මත මහ බෝ වන්දනා වැඩසටහන පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වෙනු ඇත.

සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩමකර වසර 2321 ක් සපිරීම, ප්‍රථම රන්වැට ඉදිකොට වසර 44 ක් සපිරීම හා රටවැසි සැමට සෙත් පැතීම අරමුණු කරගෙන බව සංවිධායක ලේකම් බටුගොඩ සංකිච්ච හිමියන් පැවසීය.

මෙම අවස්ථාවට තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ප්‍රධාන උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඇතුලු සතර දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගි වනු ඇත.