UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංඛාර ධර්ම

සංඛාර ධර්ම

සංඛාර යනු හේතු ප්‍රත්‍යයකින් හටගත් දේවල්ය. නිර්වාණය හැර ඉතිරි සියල්ල සංඛාර පදයට ඇතුළත්ය. මහා සාගරය, ඉර, හඳ, තාරකා, ගස්වැල්, මහා පෘතුවිය, මිනිස්සු, දේව, බ්‍රහ්ම ආදී සියල්ල සංඛාර නම් වේ. සංඛාර කොටස් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.

1.අජ්ඣත්තික සංඛාර (තමාගේ දේවල්) 2.බාහිර සංඛාර (බාහිර සියල්ල) 3.ඛුද්දිකා සංඛාර (කුඩා දේවල්) 4.මහන්ත සංඛාර (මහත් දේවල්) 5.සවිඤ්ඤාණක සංඛාර (සිත ඇති දේවල්) 6.අවිඤ්ඤාණක සංඛාර (සිත නැති දේවල්) 7.කාය සංඛාර (කයින් සිදුවන දේවල්) 8.වචී සංඛාර(වචනයෙන් සිදුවන දේවල්) 9.චිත්ත සංඛාර (සිතින් සිදුවන දේවල්) 10.පුඤ්ඤාභිසංඛාර(කුසල්) 11.අපුඤ්ඤාභි සංඛාර(අකුසල්) 2.ආනේඤ්ජාභි සංඛාර (අරූපාවචර කුසල්) 13.සංඛත සංඛාර (හේතුවකින් හටගත් දේවල්) 14.අභිසංඛත සංඛාර (රැස් කරණ දේවල්) 15.අභිසංඛරන සංඛාර (විශේෂයෙන් රැස් කරණ දේවල්) 16.පයෝගාභි සංඛාර (ප්‍රයෝගයෙන් කරණ දේවල්)

මෙසේ සංඛාර සෝලස ක්‍රමයකට පැහැදිළි වෙති. කෙසේ වෙතත් සංඛාර යන පදය විශේෂයෙන්ම යම්කිසි දෙයකින් හටගත් යන තේරුම වටහා ගත යුතුය. මේ ලෝකය ගැන සලකා බැලීමේදී මුළු මහත් ලෝකය සංඛාර පදයට ඇතුළත්ය. සංඛාර යන පදය කුඩා වුවත් අර්ථය අති විශාලය. මෙහි යථා ස්වභාවය නම් ගෙවී යාමයි. සංස්කාරයන්ගේ ස්වභාව අර්ථය ගෙවී යෑම, සිඳීයෑම, විනාශ වීම යනුයි. ඒ පැහැදිලි අර්ථය වටහා ගෙන උතුම් භාවනාවක් කරගත හැකිය. එනම් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි යනුවෙන් සිව් ඉරියව්වේදීම නිතර නිතර මෙනෙහි කිරීමට පුරුදු විය යුතුයි. එසේ මෙනෙහි කරණු ලබන ඥානයට සම්ම යන නම් වූ විපස්සනා ඥානය යැයි කියනු ලැබේ. ඇති වීම, නැති වීම දකින ඥානය උදයබ්බය ඥානයයි. එසේ නම් විපස්සනා ඤාණ පහළ කර ගැනීමට මේ උතුම් භාවනාව මහෝපකාරී වේ.

එම ක්‍රමය අනුගමනය කිරීමෙන් ලැබෙන පින අප්‍රමාණ ය. සියලුම පින්කම් පරදවා ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් ලැබෙන පින ප්‍රථමස්ථානයට පත් වේ. එම නිසා සියලුම දෙනා මේ උතුම් භාවනාව දියුණු කිරීම ඉතා වැදගත්ය. බොහෝ දෙනාට මේ ක්‍රමය කියා දිය හැකි ය. සියලුම කෙලෙස් සංසිඳවා ගැනීමට උපකාරී වන අතර, ගත සිත නිවා ගැනීමට ද රුකුලක් වේ.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]