UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අංක 137/1, නාවල පාර, නුගේගොඩ පදිංචි අසාධ්‍ය තත්ත්වයේ පසුවන පාසල් වියෙහි දරුවන් දෙදෙනෙකුගේ පියෙකුට ඕ නෙගටිව් හෝ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් පහත දුරකතන අංකවලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. 0754511360, 0774281609, 0719396413


ගණේමුල්ල, කොස්සින්නේ අංක 410/ සී – 1, ලිපිනයේ පදිංචි ඒ. එල්. රත්නසිරි මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්මණින් ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් 033 2260547, 0719477457 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


අංක 218/3 අතුරුගිරිය පාර, මාලපල්ල, කොට්ටාව, පන්නිපිටිය හි පදිංචි එස්.ඩී. ලියනගේ යන අයගේ වකුගඩු දෙකම අක්‍රීය වීමේ හේතුවෙන් ඇයට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතාගේ නිගමනය යි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 2388391, 078 3409592 දුරකතන අංකවලට අමතන ලෙසද ඖෂධ ලබා ගැනීම සඳහා ආධාර කරන්නේ නම් ගිණුම් අංක 0330 – 01533065 – 101 සෙලාන් බැංකුව -කොට්ටාව ශාඛාවට මුදල් බැර කරන ලෙසද ඉල්ලා සිටියි.


කොබොයිගනේ ගැටදිවුල්වැව විහේනවත්තේ පදිංචි ඒ.ඒ. සවින්ද උමේෂා (අවු. 01 මාස 05) සිඟිති දැරිය සැත්කමකට භාජනය කළ යුතුව ඇතැයි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

මේ දරුවාගේ හෘද සැත්කම ප්‍රථමයෙන් කළ යුතු අතර දෙවන සැත්කම වම් ඇසේ සුද ඉවත් කිරීමය. මේ සැත්කම් දෙකම සිදු කිරීමට විශාල මුදලක් වැය වෙන බව සවින්දි දැරියගේ පියා පවසයි.

සිඟිති දියණියගේ ජීවිතය බේරා ගැනීමටත් ඇස් පාදා දීමටත් ආධාර උපකාර ලබා දෙන්නැයි මවුපියෝ ඉල්ලා සිටිති. දැරියට මුල්‍යාධාර ලබා ගැනීම සඳහා පියා භාරකරු ලෙස ඒ.ඒ.පී. එම්.අමරතුංග නමින් ගිණුම් අංක 281 –2- 002- 8- 0036894 කොබෙයිගනේ මහජන බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කොට ඇත. පරිත්‍යාගශීලින්ට ඉහත ගිණුමට මුදල් බැරකරන ලෙස දන්වා සිටී. දුරකතන 072 – 4713789 ට ඇමැතිය හැක.


රත්මලානේ කොතලාවලපුර බී. 29/බී හි පදිංචි ජී. උදිත ඉසිර කුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරු පවසති. ඔහුට බද්ධ කිරීමට ඕ නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන අතර එයට පින් කැමැති අයෙකුට දුරකතන – 0776110315, 0754237663, 0713838775. ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


තිදරු පියෙකු වන ජී. එච්. ඩබ්ලිව්. ජයසේන මහතා (අවු: 51) දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර අසාධ්‍යව දැනට නුවර රෝහලේ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා යටතේ ප්‍රතිකාර ලබයි. ඔහුට ‘ඒ පොසිටිව්’ වර්ගයෙක් වකුගඩුවක් බද්ධ කළයුතු බව ඉල්ලා සිටියි.

පරිත්‍යාගශීලින් වේනම් දුරකතන අංක 071 3026403 / 078 8494925 දන්වන ලෙසද, ඔහුගේ ඖෂධ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැතිනම් මහජන බැංකුව, කැප්පෙටිපොල ශාඛාවේ ගිණුම් අංක 240200100032697 ගිණුම මුදල් බැර කළ හැකිය.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]