UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංකල්ප විහාරයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක්

සංකල්ප විහාරයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයට 25 වසරක් පිරීම නිමිත්තෙන් අසිරිමත් පින්කම් මාලාවක් විහාරාධිපති හා කැස්බෑව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි සංකල්ප විහාරයේ නිර්මාතෘ උග්ගොඩ ධම්මින්ද හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ජනවාරි 15 ප.ව. 7.00 ට සත් බුදු පූජාව , මහරගම පදුම හිමියන් විසින්ද ජනවාරි 16 – ප.ව. 2.30 ට මාවරලේ භද්දිය හිමියන්ගේ විශේෂ දේශණයද ප.ව. 3.30 ට සීමා මාලකය විවෘත කිරීමද (මල්වතු පාර්ශ්වයේ අනුනායක මා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි) ජනවාරි 16 - සවස 6.00 ට දළදා ආශීර්වාද පූජාව කොලොන්නාවේ සිරි සුමංගල හිමියන් විසින්ද පවත්වනු ලැබේ. ජනවාරි 16 - සිට සතියක් පුරා ජයපිරිත් දේශණයද ජනවාරි 17 - සිට පුරා සතියක් පෙරවරු 5.00 ට කිරි ආහාර පූජාව සහ අෂ්ඨපාන චතුමධුර ගිලන්පස පූජාව ජනවාරි 17 – අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම. ප.ව. 3.00 මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. ජනවාරි 18 - සවස 3.00 ට 25 වෙනි සංවත්සරය නිමිත්තෙන් සංකල්ප පුස්තකාලය විවෘත කිරීම, ජනවාරි 19 - සපිරිකර මහා දානමය පින්කම , ජනවාරි 25 – රාත්‍රි‍්‍ර දෙවියන්ගේ දානය සහ ගරායක් ශාන්ති කර්මයෙන් මෙම පින්කම් මාලාව නිමාවට පත්වේ.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]