UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී පින්කම් රැසක් පැවැත්වේ. පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි ගේ අනුශාසනය පැවැත්වේ.

මෙදින ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධිපූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසුදින අනුරාධපුර ජය ශ්‍රී‍්‍ර මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ් උපදේශක සහ භාවනා උපදේශක රෝහිත ජයතිලක මහතා විසිනි.

බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 - සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව - වේරදූවේ මහින්ද හිමි, 9.00 – 10.00 ජාතක කථා පොතෙන්- පිටිපන සාසනරතන හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව - ගම්පහ පාසාදික හිමි, 11.00 -11.15 බුද්ධ පූජාව - පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12.30 – 1.30 - සෙත්පිරිස් සහ තෙරුවන් ගුණ- කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.45 –ධර්ම සාකච්ඡාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය - ගෝනදෙනියේ පඤ්ඤාරතන හිමි, 3.00 – 4.00 ධර්ම දේශනාව - බොරැල්ලේ කෝලිත හිමි, 4.00 – 5.00 ගිහි දේශනය – ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා- 5.00 – 6.00 ධර්ම දේශනාව - දර්ශනපති මඬිහේ සුගතසිරි හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා.

තෙලවල විජයරූපාරාමය

කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝ දින වැඩසටහන පැවැත්වේ.

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 - 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, මෛත්‍රී භාවනාව, ධර්මායතනාධිපති නා හිමි, පෙරවරු 8.30 - 9.30 භාවනා වැඩසටහන වඳුරඹ ඤාණාලෝක හිමි, 9.30 – 10.30 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන්, 10.45 – 12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 2.00 ධර්ම දේශනාව ආසිරි රාජපක්ෂ මහතා, 2.00 – 3.00 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, පස්වරු 3.00 – 4.00 ධර්ම දේශනාව - නිල්මල්ගොඩ සද්ධාවිහාර හිමි, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා, 5.00 අෂ්ඨපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව ධර්මායතනාධිපති නා හිමි

පෙරවරු 10.30 ට බුදුසරණ පත්‍ර බෙදාදීම කේ.ඩී. චමිලා මෙනවිය – ඔක්කම්පිටිය.

හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා වත්තල, හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි දාන, සීල, භාවනා , ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වේ. විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමිගේ් අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධරක්ෂක සභාවට අනුබද්ධ ‘වීතදෝශී’ සමිතිය මඟින් මෙම පින්කම් සංවිධානය කරයි.

කලල්ගොඩසිරි ගුණසේකර ධර්මායතනය

පෙරවැරු 6.30 උපෝසථ සීලය, සම්බුද්ධ පූජාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 ධර්ම දේශනය - සිරි ධම්මින්දාරාම විහාරවාසී දිවුරුම්වෙල විනීත හිමි, 9.00 ධර්ම දේශනය- කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, 10.00 ධර්ම දේශනාව- හැටංගල අමරවංශ හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව - රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 පිරිත් සජ්ක්‍ධායනාව සහ තෙරුවන් ගුණ නැමදීම ධර්මායතනාවාසී හිමි සමග සිල් පිරිස, 1.15 පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවීම විජේසිරිවර්ධන මහතා , 2.00 ධර්ම දේශනය පොල්වත්තේ ධම්මවිසුද්ධි හිමි, 3.00 ධර්ම දේශනය - කොහමුලියද්දේ දේවානන්ද හිමි, 4.00 ධර්ම දේශනය - රම්මලේ අරියවිසුද්ධි හිමි, රාත්‍රී 7.00 ආශිර්වාදාත්මක බුද්ධ බෝධි වන්දනාව - ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි සමඟ ධර්මායතනවාසී මහා සංඝරත්නය.

මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය ලෙස බෙදා දෙනු ලබන්නේ කාන්ති ලියනගේ , අමරා ගමගේ, දුලානි පලිහදැරු, මාලනී පේ‍්‍රමතිලක සහ සිරිමා පැලවත්ත යන මහත්මින් විසිනි.

කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජවා වැලිකල පඤ්ඤාතර හිමි, 7.20 – 7.30 උපාසක, උපාසිකා හීල් දානය, 7.30 – 9.45 භාවනාව සහ ධර්ම දේශනය, ගම්පහ සිරි සීවලී හිමි, 10.00 – 11.30 ධර්මදේශනය, ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත, බ්‍රාහ්මණවත්තේ විමලවංශ නා හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම සාකච්ඡාව, ශේන් බ්ලොක් මහතා, 3.30 – 6.00 ධර්ම දේශනය කළුතර අරියබෝධි හිමි, 6.45 – 7.45 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව(පටිගත කළ එකකි) 7.50 – 8.50 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.45 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සීල සමාදානය දවස පුරා පැවැත්වේ.

පෙරවරු 6.00 – 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව ශ්‍රී ජයශේඛරාරාමාධිකාරි රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති රජවත්තේ වප්පහිමි, 9.15 – 10.15 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.30 ට බුද්ධානුතිස්ස භාවනාව.

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදි දුරුතු පෝදා පින්කම් රැසක් කතරතම කිරිවහෙර රාජමහා විහාරස්ථානයේ නව විහාරාධිපති කොබවක දම්මින්ද නා හියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන්ගිලන්පස කිරි ආහාරරපූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක්පූජාවද භාවනා වැඩ සටහන් චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කිරිවෙහෙර රාජමහ විහාරාධිපති කොබවක දම්මින්ද නා හිමියන් අටවිසි බෝමළුවේදී පවත්වයි.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන්වහන්සේ වෙතට ගොස් මල් පහන්පූජාකර බෝධිපූජා පැවැත්වීම තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරයි.

රාත්‍රී 7.00ට කිරිවෙහෙර අටවිසි බෝ මළුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද රාත්‍රී පහන් ආලෝක පූජාවද පැවැත්වේ.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ සංඝමිත්තාරාමයෙහි පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවර 6.00 සිට පස්වරු 6.00 වැඩසටහන් පැවැත්වේ. 8.00 – 9.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව, දාස්වත්තේ සුමනසීල හිමි, 10.00 – 11.00 භාවනාව කඩවත විමුක්ති දසසිල් මෑණියන්, 11.00 දහවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික හිමි, 2.30 – 3.30 ධර්ම දේශනාව මොරවක ශාන්ත හිමි, 3.30 – 5.00 භාවනාව කොට්ටාවේ සුධීීරා මෑණියන්, තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණයද, සවස 6.00ට අටවිසි බුද්ධ පූජාව සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මෑණියන් පවත්වනු ලබයි.

මෙම පසළොස්වක පොහොය දිනයේ දී ධර්ම දානය ලෙස බුදුසරණ පත්‍රය බෙදා දෙනුයේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි මාහිමි, 8.00 –9.00 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව - ඉඟුරුවත්තේ ධම්මගවේෂි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ – බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම – මහාචාර්ය පැ‍ට්‍ර්ක් රත්නායක මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය – ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 6.00 – 6.30 බෝධි පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව කඩවත සමින්ද හිමි, 8.00 – 9.00 භාවනාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00- 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව කඩිගමුවේ සමුදිත හිමි, මීගොඩ මධුරනන්ද හිමි, පස්වරු 12.35 – 1.00 – පිරිත් හා තෙරුවන් ගුණ - බලංගොඩ ධම්මරක්ඛිත හිමි, මහරගම සුජාත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත දොඩන්දූවේ සිරිකර නා හිමි, 3.00 – 3.45- ධර්ම දේශනය වල්පොල ගෝතම හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙරික්හි ශාක්‍යමුණි සම්බුද්ධ විහාරාධිපති - ශාස්ත්‍රපති පණ්ඩිත දිගාමඬුල්ලේ විමලානන්ද හිමි, 5.00 – 6.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 - බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි


බෙල්ලන්විල රජමහා විහාරය

පෙරවරු 6.00 සිල් සමාදානය හා තෙරුවන් වන්දනාව, 7.00 බුද්ධ පූජාව පැවැත්වේ. 8.00 ධර්ම දේශනාව කථිකාචාර්ය අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 10.00 භාවනාව- සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිවාසි තලාවේගම සද්ධාතිලක හිමි, පස්වරු 1.00 ජාතක ධර්ම දේශනාව - කරගහවල චන්ද්‍රානන්ද හිමි, 3.00 ධර්ම සාකච්ඡාව - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති ජී. වීරතුංග මහතා , 3.00 ධර්ම දේශනාව - ස්වාමින්වහන්සේ නමක්, රාත්‍රී 7.00 බුද්ධ පූජාව - රාත්‍රී 7.30 ධර්ම දේශනාව - බෙල්ලන්විල රාජමහා විහාරවාසී ඌරුපැලැව්වේ හේමාරාම හිමි.

හොරේතුඩුව ගංගාරාමය

අලුයම 5.00 – සෙත් පිරිත් දේශනාව, පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8.00 රූපවාහිනි ධර්ම දේශනාව (අරලියගහ මැදුරේ සිට විකාශනය) 10.00 භාවනා වැඩසටහන – මහියංගනයේ විශාඛා ධම්මශිලා මෑණියන්, පස්වරු 1.00 - ධම්ම චක්ක සූත්‍ර දේශනාව, 2.00 ධර්ම සාකච්ඡාව - අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා , 4.00 – ධර්ම දේශනාව - කළුබෝවිල පදුම හිමි, 5.00 – භාවනා වැඩසටහන - කෝලිත හෙට්ටිගේ මහතා, 6.00 නව වසරට සෙත්පතා පැවැත්වෙන මහා බෝධි පූජාව මෙහෙයවීම මොරටුවේ සද්ධානන්ද හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 - තෙරුවන් ගුණ සජ්ක්‍ධායනාව, 8.15 – 9.30 භාවනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 - තෙරුවන් වන්දනාව, 12.30 – 1.00 සූත්‍ර සජ්ක්‍ධායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව - උඩුදුම්බර විජයකිත්ති හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස මා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර මාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනය – දාස්වත්තේ සුමනසීල මාහිමි, රාත්‍රී 7.00 - අටවිසි බුද්ධ වන්දනාව.

පොළොන්නරුව ගල් විහාරයේ පින්කම්

පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ පසළොස්වක පෝදින ආගමික වැඩසටහන මෙදින උදේ 7.00ට සොළොස්මස්ථානාධිපති අස්ගිරිය ගෙඩිගේ රජමහ විහාරාධිවාසී අස්ගිරි මහා විහාරකාරක සංඝ සභික වේඩරුවේ උපාලි නා හිමි විසින් ආරම්භ කර මෙදින දවස පුරා ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, පිරිත් දේශනා පැවැත්වේ. - කේ. බණ්ඩාරනායක

බෙලිගල රජමහ විහාරය

කල්ගම මෛත්‍රී අවමංග්‍යාධාර සමිතිය වාර්ෂික සංවිධානය කරනු ලබන දානමය පින්කම බෙලිගල රජමහා විහාරස්ථානයේදී දුරුතු පොහෝ දින සිදු කෙරේ.

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු 6.00 – 7.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 7.00 – 9.00 ධර්ම දේශනාව - බම්බලපිටිය සිරි වජිරාරාමවාසී වේරදූවේ මහින්ද හිමි, 9.00 – 10.00 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්ම දේශනාව 10.00 – 11.00 ආවර්ජනා - වියට්නාමයේ ධර්ම ප්‍රචාරක කටුයතු සදහම් චාරිකා නිවාස ව්‍යාපෘතිය 60 වන නිවස භාරදීම, 1.00 – 2.30 භාවනාව - ශාන්ත ජෝතිවංශ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව - බම්බලපිටිය සිරි වජිරාමවාසී පිටිපන ශාසනරතන හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව - දිවුල්පිටිය බෝධිරාජාරාමවාසී පනානේ ආනන්ද හිමි, 5.00 – 5.45 – බුද්ධ පූජාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.

ජාතක කථා ධර්ම දේශනාවක් (පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ඇසුරින්)

යක්කල අබේසේකරාරාමයේ දී විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම දුරුතු පෝදා සවස 2 ට සැමට සෙත්පතා ධර්ම දේශනාවක් පැවැත්වේ. ශාස්ත්‍රපති විලච්චියේ කාශ්‍යප හිමියන් විසින් එම දම් දෙසුම පවත්වනු ලැබේ.

දුරුතු පෝදා මාතර පින්කම්

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී දුරුතු පෝදා පින්කම් පැවැත්වේ. මෙම වැඩසටහන මඩවල ධම්මික ජිනවංශ දෙහිගස්පේ සිරි විමල ගම්මැදගම චන්ද්‍රජෝති එප්පාවල තිලෝකනාථ සෙවණගල මලීදු, යටිගල ඤාණසිරි හුලංදාවේ සෝරත යන හිමිවරු පින්කම් මෙහෙයවති.

මාතර සිරිවජිරඤාණ ධර්මායතනය

මෙම වැඩසටහන පැලෑනේ සුවිනීත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි කඩවත සමින්ද, තෙලිජ්ජවිල සුසමාහීත, කොලොන්නාවේ හේමසිරි, කුඩාමානින්ගමුවේ සංඝානන්ද, හත්තොටුවේ ඉන්ද්‍රරතන, අම්පිටියේ සද්ධාවංශ යන හිමිවරු පින්කම මෙහෙයවති.

සිරිමංගල පිරිවෙන් විහාරය 525 වන පොහොය පින්කම

වලස්ගල පුණ්‍යජි මයුරවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි, කැලණියේ අජිත, බලංගොඩ ශාන්ත, කුඩාගොඩ ඤාණවංශ, තණමල්විල මුදිත, සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි, හොරපාවිට ධම්මිස්සර යන හිමිවරු පින්කම මෙහෙයවති.

 

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]