Print this Article


පොදු විපත් වළකන සත්‍ය ක්‍රියාවක්

පොදු විපත් වළකන සත්‍ය ක්‍රියාවක්

පොදු විපත් වැළකී මිනිස් ජීවිත සුරැකේවා! සම්බුදු සසුන සුරැකේවා! යි අදිටන් කරමින් වසරක් පාසා දෙස් විදෙස් ජනතාව දැනුවත් කරමින් හොරණ, පෝරුවදණ්ඩ, සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් සිදු කරනු ලබන සත්‍ය ක්‍රියාව මෙවරත් 2014.01.15 දින, එනම් දුරුතු පොහෝ දින රාත්‍රී 9.10ට සිදු කෙරේ. එදින නියමිත වේලාවට ඔබ සිටින කොතැනක හෝ සිට ඔබටත් මනසින් ඊට දායක විය හැකිය. ඔබ විසින් කළ යුත්තේ සත්‍ය ක්‍රියාවක් කරන ආකාරය පිළිබඳව කල් වේලා ඇතිව දැනුවත් වී දුරුතු පොහෝ දින රාත්‍රී 9.10 සිට 9.20 දක්වා “පොදු විපත් වැළකී මිනිස් ජීවිත සුරැකේවා! සම්බුදු සසුන සුරැකේවා!” යි අදිටන් කරමින් සත්‍ය ක්‍රියාවෙහි නිරත වීමයි.