Print this Article


මහ බෝ පෙරහර අනුරාධපුරයේ දී

මහ බෝ පෙරහර අනුරාධපුරයේ දී

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිරිලකට වැඩමවා වසර 2321 ක් පිරීම, යටිරාවන නාරද ප්‍රධාන සංඝනායක හිමියන් සිරිමා බෝ සමිඳුන් වටා පළමු රන් වැට ඉදිකොට වසර 44 ක් සපිරීම නිමිත්තෙන් සිදුහත් භික්ෂු පදනම, සිරිමහ බෝ පදනම මඟින් නව වෙනි වතාවටත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර ජනවාරි 25 වැනිදා අනුරාධපුර ජයසිරි මහ බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.

ප්‍රදේශවල වගාවන් වන බෝග අස්වැන්න, බෙහෙත් වර්ග, රැගෙන අනුරාධපුර ථූපාරාම චෛත්‍ය මළුවට මෙදින දවල් එකට රැස්වී එතැන් සිට බෝ සමිඳුන් උදෙසා පූජා කිරීම සඳහා බෝග සම්පත් ඖෂධ වර්ග මහා පත්‍රයට තැන්පත් කර මහ පෙරහරකින් ජය සිරිමා බෝ සමිඳුන් වෙත ගමන් කෙරේ.