Print this Article


කවි බණ සංයුක්ත තැටියක් පෝදා එළිදකී

කවි බණ සංයුක්ත තැටියක් පෝදා එළිදකී

මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත කතාව සහ ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාර වංශය ඇතුළත් කවි බණ සංයුක්ත තැටියක් කාව්‍ය ශ්‍රී යක්කලමුල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ හඬින් නිෂ්පාදනය කර ඇත. එය ධර්ම දානයක් පිණිස ගලපාත රාජමහා විහාරවාසී බෙන්තර ධම්මික පොඩි හාමුදුරුවන්ගේ් 13 වන ජන්ම දිනයට දිගාසිරි පැතීමේ අදහසින් උන්වහන්සේගේ මව්පියන් පසළොස්වක පෝ දින ගලපාත රාජමහ විහාරස්ථ ානයට පැමිණෙන සැදැහැවතුන් හට පිරි නැමේ.