Print this Article


සරණංකර නා හිමි ගුණ සමරති

සරණංකර නා හිමි ගුණ සමරති

ශ්‍යාමොපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක ශ්‍රී බෝධිරුක්ඛාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති අපවත් වී වදාළ කපුගොල්ලෑවේ සරණංකරාභිධාන නා හිමි ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම් මාලාව මේ මස 23 – 24 යන දෙදින තුළ හොරොව්පතාන කපුගොල්ලෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබෙයි. රාත්‍රී 7 ට ධර්ම දේශනාවක් පවත්වන අතර පසුදින විසිපස් නමක් විෂයෙහි සාංඝික දානමය පින්කමකි. හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති රාජකීය පණ්ඩිත කපුගොල්ලෑවේ විමලජෝති හිමි ඇතුළු ශිෂ්‍ය පිරිස ගුණානුස්මරණ පින්කම සංවිධානය කරති.