Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩ සටහනේ ත්‍යාග හා සහතික පිරිනැමීමේ ජාතික මහෝත්සවය තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (2014.12.29) කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා ප්‍රාථමික විදුහලේ දී පැවැත්විණි. එහිදී අගමැතිවරයාගේ සුරතින් විශිෂ්ටතා දැක් වූ දැරියකට සහතික පිරිනැමූ අවස්ථාවයි මේ. සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා ද මෙහි සිටී. - ඡායාරූපය - සිරි ගුණසේකර

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත් වූ ධම්ම අභිධම්ම (ඉංගී‍්‍රසි මාධ්‍ය) විභාගයෙන් මහනුවර වට්ටාරන්තැන්න සමාධි දහම් පාසලට දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිවිය. එහි ඩිප්ලෝමා විභාගයෙන් ද දෙවැනි හා තුන්වැනි තැන හිමිකරගත් සමාධි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සමඟ ආචාර්ය ශාස්ත්‍රපති වැහිගල ධම්මසිරි නාහිමියන් ඡායාරූපයේ සිටිති.

අනුරාධපුර මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැති සිල්මාතා ජාතික සම්මේලනය (2013) අමතා එහි ප්‍රධාන අනුශාසක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් අනුශාසනාව සිදු කළ අයුරු සහ එම සංගමයේ නව නිලධාරීන් හට උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා එම පත්වීම් ලිපි භාර දුන් අවස්ථාව. ඡායාරූප - වෝල්ටර් දයාරත්න – අනුරාධපුර දිසා විශේෂ