Print this Article


කිරිබත්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම්

කිරිබත්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම්

කිරිබත්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ මෙත් බෝ සමිඳු පදනම මෙහෙයවනු ලබන බෝධි පුජා සහ ධර්ම දේශනා පින්කම් මාලාවක් මේ මස 08 වැනිදා සිට 14 වැනිදා දක්වා දිනපතා පස්වරු 6.30 සිට පැවැත්වේ.

වත්තේගම සුමනසිරි නා හිමියන්ගේ මූලිකත්වයෙන් ගාල්ලේ කුමාර කාශ්‍යප හිමියන් විසින් 1991 සිට සෑම වසරකම වාර්ෂිකව මෙම පින්කම් මාලාව පවත්වා ගෙන එනු ලබයි. මෙම පින්කමට සමගාමිව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන අසූනමක් වු භික්ෂුන් වහන්සේලා උදෙසා මේ මස 14 වැනිදා සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනමති.

ජනවාරි 07 වැනිදා පස්වරු 7.30 ට බමුනුගම දම්මදස්සි හිමියන් මෙහෙයවන බෝධිපුජාවද, 08 වැනිදා 6.30 ට බෝධි පූජාව මතුගම සුමනානන්ද හිමි, 7.30 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 09 වැනිදා 6.30 ට බෝධි පූජාව මාකොළ පඤ්ඤාාජෝති හිමි, 7.30 ට ධර්ම දේශනාව ගෝනහේනේ විමලානන්ද නා හිමි, 10 වැනිදා 6.30 ට බෝධි පුජාව නාවලපිටියේ සරණජෝති හිමි, 7.30 ට දම් දෙසුම දීගල පියදස්සි හිමි, 11 වැනිදා 6.30 ට බෝධි පුජාව හසලක සුමනජෝති හිමි, 7.30 ට දම් දෙසුම පොත්තේවෙල විනීත හිමි, 12 වැනිදා 6.30 ට බෝධි පුජාව ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි 7.30 දම් දෙසුම මාදුළුවාවේ සෝභිත නා හිමි පවත්වනු ලැබේ.