Print this Article


ලේඛකාධිකාරි ධූරයට බුදුගල සෝමරතන හිමියෝ පත් වෙති

 ලේඛකාධිකාරි ධූරයට බුදුගල සෝමරතන හිමියෝ පත් වෙති

බළන්ගොඩ ශාසනාරක්‍ෂක මණ්ඩලය කල්තොට නගරය මූලිකව තවත් ශාසනාරක්ෂක මණ්ඩලයක් ලෙස පසුගියදා ආරම්භ කෙරිණි. එහි ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට ර/බළන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති බුදුගල සෝමරතන හිමියෝ පත්වී ඇත.

බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය නිම කිරීමෙන් පසු නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, කැලණිය විශ්ව විද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය තුළින් ශාස්ත්‍රවේදී ,ශාස්ත්‍රපති හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා ලැබූ උන්වහන්සේ දැනට බළන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කරති.