Print this Article


ශාසනාරක්‍ෂක සභාපති ධූරයට මෝදරවාන සුධම්ම හිමි

ශාසනාරක්‍ෂක සභාපති ධූරයට මෝදරවාන සුධම්ම හිමි

මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස තෙළුල්ල බෝධිරාජාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මෝදරවාන සුධම්ම හිමිපාණන් වහන්සේ නිතරඟයෙන් තේරී පත්වූහ. ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකු හා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස දීර්ඝ කාලයක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ උන්වහන්සේ පාසල් හැරයන තරුණ තරුණියන් වෙනුවෙන් විහාරස්ථානයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි. සිල්වත් ගුණවත් නැණවත් හිමිනමක් වන උන්වහන්සේ ප්‍රදේශයේ ගෞරවාදරයට පත්වී සිටිති.