Print this Article


පිරුවානා පොත් වහන්සේ බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කරයි

පිරුවානා පොත් වහන්සේ බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කරයි













ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත බෞද්ධ සංගමය 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශයට පත්කළ ‘බ්‍රේල් පිරුවානා පොත් වහන්සේගේ මංගල පිටපත බිසෝමැණිකේ මාරසිංහ මහත්මිය විසින් අගමැති දි.මු. ජයරත්න මහතාට හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ට පිළිගැන්වූ අවස්ථාව. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නා හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් එල්.කේ.ඩී. දිසානායක, බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණ ලේකම් පී.ඒ. ගුණවර්ධන සහ කාරක සභිකා හර්ෂනී දීපිකා මහත්ම මහත්මීහු ඊට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිරුවානා පොත් වහන්සේ දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ පරිහරණය සඳහා බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කෙරේ. මෑතදී ආරම්භ කළ දෘෂ්‍යාබාධිත ප්‍රජාව සඳහා වන බෞද්ධ සංගමය මෙම භාරධූර බෞද්ධ කටයුත්තට දායක වී ඇත.

මේ සඳහා සංගමයේ සභාපතිනි ජාතික අධ්‍යාපන ආයතනයේ බ්‍රේල් මාධ්‍ය උපදේශිකාව වූ විශ්‍රාමික බිසෝමැණිකේ මාරසිංහ මහත්මිය බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයට කරන ලද ඉල්ලීමක් මත අගමැති හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති දි.මු. ජයරත්න මහතාගේ අනුග්‍රහය මත බෞද්ධ කටයුතු අරමුදලෙන් රුපියල් 500000 ක මුදලක් මෙම ශාසනික කටයුත්ත සඳහා පරිත්‍යාග කරන ලදී.

මෙම භාරධූර කටයුත්ත සඳහා රුපියල් 750, 000 ක පමණ මුදලක් වැයවී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් නිර්මාණය වූ මෙම බ්‍රේල් ධර්ම පුස්තකය ඉකුත් දා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ දී දෘෂ්‍යාබාධිත බෞද්ධ සංගමයේ නිර්මාත්‍ය බිසෝමැණිකේ මාරසිංහ මහත්මිය විසින් අගමැති දි.මු. ජයරත්න මහතා වෙත පිළිගන්වන ලදී.