UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවාට සැමවිට සැමගේ ආරක්ෂාව ඕනෑ

දරුවාට සැමවිට සැමගේ ආරක්ෂාව ඕනෑ

දිසා හයකට සමාජය බෙදා වෙන් කර දැක්වීමේදී ඊට අනුගත කළ සමාජ කණ්ඩායම් දොළහ ඇතුළත දරුවන්ද සිටිනවා. එහිදී මවුපියන් විසින් ඉටුකළ යුතු යුතුකම් අතර මුල් තැනක් ගන්නේ දරුවන් අයහපතින් වැළැක්වීමයි. දෙවැන්න යහපතෙහි පිහිටුවීමය. තෙවැනිව මැනවින් ශිල්ප ශාස්ත්‍ර ලබාදීමයි. සුදුසු කල්හි ආවාහ විවාහ කරදීම සිවුවැනිව සහ තමන් සතු දායාද පවරාදීම පස්වනුවත් කළ යුතු වෙනවා

දරුවාට බුදුරජාණන් වහන්සේ යම් යුතුකම් ඉටුකිරීමක් වගකීමක් පැවරුවා නම් ඒ දරුවාගේ ස්වාර්ථය පිණිස දරුවාගේ අභිවෘද්ධිය පිණිස අවශ්‍ය දේ කර ගැනීමටයි.

එය ඉතා පැහැදිලිව අපට වටහාගත හැක්කේ සදිසා නමස්කාරය දෙස විමසා බැලීමෙනුයි.

දිසා හයකට සමාජය බෙදා වෙන් කර දැක්වීමේදී ඊට අනුගත කළ සමාජ කණ්ඩායම් දොළහ ඇතුළත දරුවන්ද සිටිනවා. එහිදී මවුපියන් විසින් ඉටුකළ යුතු යුතුකම් අතර මුල් තැනක් ගන්නේ දරුවන් අයහපතින් වැළැක්වීමයි. දෙවැන්න යහපතෙහි පිහිටුවීමය. තෙවැනිව මැනවින් ශිල්ප ශාස්ත්‍ර ලබාදීමයි. සුදුසු කල්හි ආවාහ විවාහ කරදීම සිවුවැනිව තමන් සතු දායාද පවරාදීම පස්වනුවත් කළ යුතු වෙනවා.

මවුපියන් උදෙසා දරුවන් විසින් කළ යුතු යුතුකම් මොනවාද? දරුවන් විසින් කළ යුතු යුතුකම් හා වගකීම් අතර මවුපියන්ගේ සියලු කටයුතු ඉටු කිරීම, මවුපියන් පෝෂණය කිරීම, කුලවංශය රැක ගැනීම නැත්නම් මවුපියන් විසින් කරගෙන ආ යහපත් කටයුතු එලෙසින්ම ඉටු කිරීම මවුපියන්ගෙන් ලද දායාදය ආරක්‍ෂා කරදීම, මියගිය පසු මවුපියන්ට පින් පැමිණවීම යන කරුණු අඩංගු වනවා.

මේ කරුණු දෙස බැලීමේදී අපට පැහැදිලිව පෙනී යන්නේ දරුවන් විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් එකඳු කරුණක් හෝ ඔවුන්ගේ ළමා කාලයේදී සිදු කිරීමට බුදු දහම අනුදැන වදාරා නොමැති බවයි. දරුවා යැපෙන්නෙක් පමණක් බවයි . ඒ අනුව පැහැදිලි වන්නේ. ඔහු සමාජයේ මවුපියන් ඇතුළු වැඩිහිටියන්ගේ උපදෙස් උපකාර ඇතිව ඉදිරියට යා යුතු අයෙක් බවත් මෙයින් පැහැදිලි වනවා.

දරුවා අයහපතෙන් වළක්වා ගැනීම උදෙසා මවුපියන් කළ යුතු පළමු කාර්යය ආදර්ශවත් වීමයි.

මේ සඳහා බුදුදහමේ පැහැදිලිව සඳහන් කර ඇති මිනිසාගේ අපගමනයට හේතු සාධක වන අයහපත් කරුණු උදෙසා දරුවන් පෙළඹවීමට ඇති ඉඩකඩ වැළැක්විය යුතු වනවා.

දරුවා සැමවිටම සැමගේ පිහිට ආරක්ෂාව ලැබිය යුතු අයෙක්. කුමරි බඹසර, කුමර බඹසර රැක ගැනීමට ඔවුන් යොමු කළ යුතුවනවා.

දරුවන් ඉදිරියේ දුම්වැටිපානය කිරීම ආදී ක්‍රියාවන් නිසා දරුවන් මේ වැරැදි ක්‍රියා අනුකරණයට පෙළඹෙනවා. මේ සියල්ලම ළමා අපචාර ලෙසයි සැලකෙන්නේ . වැඩිහිටියන් , දරුවන් අයහපතින් මුදා ගන්නේ නම්, යහපතෙහි යොදවන්නේ නම් වැඩිහිටියන් ආදර්ශයෙන්ම ඒ සඳහා කැපවිය යුතු වනවා. දරුවන් වරදෙහි නොබැඳීමට අවශ්‍ය පියවර ගැනීම වැඩිහිටියන් විසින් කළ යුතු වූ කරුණක්.

නමුත් ඇතැම්විට රූපවාහිනිය, ගුවන්විදුලි, නාළිකා ඔස්සේ අපට පෙනෙන ඇසෙන දේ අනුව වැඩිහිටියන් දරුවන්ට යහපතෙහි යෙදෙන ආදර්ශ ලබාදෙන බවක් පෙනෙන්නට නැහැ.

මනස විකෘති වූයේ කෙසේද?

ඔබගේ මනස හොඳයි, පිරිසුදුයි, නමුත් මනසට කාම හැඟීම්,සොරකම් කිරීම පිළිබඳ හැඟීම්, බොරුව, කේළාම් පිළිබඳ හැඟීම් පැමිණියේ කෙසේද?

බොහෝ විටම මත්වතුර පානය නිසයි. මේ තත්ත්වය උදා වී ඇත්තේ. බොහෝ දෙනා සිතන්නේ තමන්ගේ ධනය හෝ වෙනත් කරුණක් නිසා ඕනෑම වරදක් සඟවන්න, එයින් බේරෙන්න පුළුවන් කියලා. එහෙත් බුදු දහමට අනුව අපට කිසිදු වරදකින් එසේ සැඟවීමට බැහැ. පව් සමා කිරීමටත් බැහැ.කළයුතු එකම දේ වරදින් මිදීමය.

මුදලට වඩා තම දරු පවුල රැක ගැනීම වැදගත් බව සලකනවානම් ගැටලු ගොඩක් අඩුවනවා ධනයට වහල්වී පවුලම නැති කර ගන්න එපා.

ඇතැම් විට තම මිතුරන් පවසන පරිදි කාඩ්බෝඩ් වීරයන් වීමටත් ඇතැමුන් අපරාධවලට පෙළඹී තිබෙනවා. පහත් මට්ටමෙන් ඇසුරු නොකළ යුතු මිතුරන්ගේ පහත් ක්‍රියා ගැන අසා දැන ගැනීමෙන් ඔවුන්ද වීරයන් බවට පත්වීමට යත්න දරනවා.

සමාජයේ පංචශීල ප්‍රතිපදාව රැක ගන්නේ නම් කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැ. පංචශීලය කඩකිරීම ඍජුවම බලපාන්නේ ළමා සමාජයටයි.

ඝාතනයක් සිදු කළ තැනැත්තාගේ දරුවා ‘ මිනී මරුවගේ පුතා “ සොරකමක්කළ තැනැත්තාගේ දරුවා “හොරාගෙ පුතා “මේ වගේ නම් වලින් හඳුන්වනකොට දරුවන්ගේ මානසිකත්වයට බලපාන අයුරු ගැන මඳක් සිතන්න.

සීලය, ආදර්ශය මේ ගුණාංග රැක නොදීම නිසා සමාජයේ සිල්වත් බව ගිලිහි ගිහින්. වැඩිහිටි පරම්පරාව ආදර්ශයෙන් බැහැර වූ සැමවිටම සමාජය අපගමනය කරා යනවා. වැඩිහිටියන්ගේ ගෞරවය රැක ගැනීම ඔවුන් සතු කාර්යයක්. ළමා පරපුර යන්නේ වැඩිහිටි මඟ අනුවයි. මඟ සකසාදීම, වැඩිහිටි සමාජයේම වගකීමක්. ඉන් මිදෙන්න කාටවත් බහැ.

 

උඳුවප් මස අමාවක පෝය

උඳුවප් මස අමාවක පෝය දෙසැම්බර් 31 වනදා අඟහරුවාදා අපරභාග 08.29 ට ලබයි.
2014 ජනවාරි 01 වනදා බදාදා අපරභාග 04.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා බදාදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]