Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බද්දේගම විමලවංශාභිධාන අනු නා හිමියන් ගේ ජන්ම ශත සංවත්සරය සහ බස්නාහිර පළාතේ ප්‍රධානසංඝ නායක ආචාර්ය නාගොඩ අමරවංශ හිමියන් වෙත අක්ත පත්‍රය පිළිගැන්වීමේ උත්සවය කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 21 වනදා පැවැත්විණි.බද්දේගම විමලවංශ අනුනාහිමියන්ට උපහාර ලෙස ඉදිකළ ‘‘බද්දේගම ශ්‍රී විමලවංශ අනු නාහිමි ශත සංවත්සර ධර්ම මන්දිරය’’ ජනාධිපතිතුමා අතින් විවෘත කළ අවස්ථාව.ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත නාපාන පේමසිරි මහ නාහිමියන් ප්‍රධාන සම්භාවනීය පූජනීය මහ සඟරුවන ඇතුළුආරාධිතඅමුත්තන් රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ සුදත් සිල්වා

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ් හා ජාත්‍යන්තර ත්‍රිපිටක සජ්ඣායනා සංවිධාන කමිටුවේ මෙහෙයවීමෙන් ඓතිහාසික මඟුල් මඩුවේදී පැවැත්වෙන ත්‍රිපිටක සජ්ඣායනාව ආරම්භයේදී බුද්ධධර්ම පදනමේ වන්මෝ ඩික්සිත් මහත්මිය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ට පිරිකර පූජා කළ අයුරු.අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආනමඩුවේ ධම්මදස්සි හිමිපාණන්ද ඡායාරූපයේ වෙති. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුද සහභාගි වූහ.
අසේල කුරුළුවංශ

ශ්‍රී සංඝමිත්තා දිනය නිමිත්තෙන් ‘‘සංඝමිත්තා ශ්‍රද්ධාකර පදනම’’ මගින් සංවිධානය කරන ලද සංඝමිත්තා සැමරුම් ජාතික උත්සවය ඉකුත් 20 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සංඝමිත්තා දිනය වෙනුවෙන් නිකුත් කරන ලද කොඩිය දකුණු පළාත් අණ්ඩුකාර කුªමාරි බාලසූරිය මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පැළඳවීය.

ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සිදු කැරෙන ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ තිළිණ ප්‍රදානය නිමිත්නෙන් මෙවර ලේක්හවුස් බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් 63 දෙනෙකු වෙත තිළිණ ප්‍රදානය කැරිණි. 2012 වසරේ පහ වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. සා.පෙළ හා අ.පො.ස. උසස් පෙළ සමත් සිසුන් ඊට ඇතුළත් වූහ.ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අතින් කේ.එච්.එස්. දසනායක ශිෂ්‍යාව ත්‍යාගය ලබා ගත් අවස්ථාව. කර්තෘමණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා වෙතින් කවීෂා හංසනී වීරරත්න ශිෂ්‍යාව සංකේතාත්මකව ත්‍යාග ලබාගත් අතර ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ, භාණ්ඩාගාරික ප්‍රියන්ත විජේසූරිය සහ උපලේකම් පි‍්‍රයන්ත කුමුදුසිරි මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.
සේයාරුව - ගයාන් පුෂ්පික

මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි දුෂ්කර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පාපැදි පිරිනැමීම වැල්ලවාය යුධහමුදා කඳවුරේදී සිදුකැරිණි.සිංගප්පුරුව් බෞද්ධ පුස්තකාලයේ සාමාජික සාමාජිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් පාපැදි ලබා දී තිබුණි. සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ අනුශාසක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන් වහන්සේ පාසල් ශිෂ්‍යයෙකුට පාපැදියක් පිරිනැමූ අවස්ථාව. ඌව -වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

 සංඟමිත් තෙරණි ගුණ සැමරුම නිමිත්තෙන් බොරැල්ල ශාන්තාරාමයේ සංඝමිත්තා කාර්ය සාධක කුලගන සමිතිය හා කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමය ඒකාබද්ධව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී දූ පුතුන් වෙත වියළි ආහාර පාර්සල් බෙදාදීමක් සිදු කළහ.එදින ශාන්තාරාමයේ සිට සඟමිත් පිළිරුව ළමා රෝහල වෙත වැඩම කර රෝගී දූ පුතුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ආශිර්වාද පතා දසසිල් මාතාවරු විසින් සෙත් පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්වූහ. අනතුරුව සංඝමිත්තා පිළිරුව පෙරටු කරගත් පෙරහර බොරැල්ල, මරදාන පාර, හරහා වෝඩ් පෙදෙස ඔස්සේ වීථි සංචාරය කැර ශාන්තාරාම විහාරය වෙත ගමන් කළහ.ශාන්තාරාමාධිපතිනිය හා කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ සභාපති කැප්පෙටියාගොඩ ධම්ම බුද්ධි සිල්මාතාවගේ අනුශාසකත්වයෙන් එම පින්කම සංවිධානය කැර තිබුණි. (උදුලා පීරිස්)