Print this Article


සංකල්ප විහාරයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක්

සංකල්ප විහාරයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයට 25 වසරක් පිරීම නිමිත්තෙන් අසිරිමත් පින්කම් මාලාවක් විහාරාධිපති හා කැස්බෑව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි සංකල්ප විහාරයේ නිර්මාතෘ උග්ගොඩ ධම්මින්ද හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ජනවාරි 01 වන දින සිට දිනපතා රාත්‍රි 7.00 ට ගිලන්පස බුද්ධ පූජා සහිත බෝධිපූජාවන්ද ජනවාරි 08 රාත්‍රී7.00 ට අබතෙල්, ගිතෙල් පහන් පූජාව සහිත බුද්ධ පූජා සහිත බෝධි පූජාව දීගල පියදස්සි හිමියන් විසින්ද (උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ උපන් දිනයට ආශිර්වාද පතා) ජනවාරි 09 පෙ.ව. 5.00 කිරි අම්මාවරුන් උදෙසා දානය පූජා කිරීමද, ජනවාරි 09 - පෙ.ව. 9.00 ට මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා ලේ දන්දීමේ මහා පින්කමද, ජනාවාරි 09 - සත්තිස්බෝධි පාක්ෂික පූජාව ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති කහගොල්ලේ සෝමවංශ හිමියන් මෙහෙයවන අතර (උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ උපන් දිනයට ආශිර්වාද පතා) ජනවාරි 10 – රාත්‍රි 7.00 තෙසැත්තෑ ඥාන පූජාව, මෙහෙයවීම පුහුල්වැල්ලේ විනයසිරි හිමියන් විසින්ද ජනවාරි 11 – ප.ව. 7.00 අටවිසි බුද්ධ පූජාව , ජනවාරි 12 පෙ.ව. 9.00 ට මහරගම පිළිකා රෝහලට වියළි ආහාර පූජා කිරීමද, ප.ව.7.00 සති පූජාව, ජනවාරි 13 - ප.ව. 7.00 ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පූජාව හා වන්දනාව ජනවාරි 14 – ප.ව. 7.00 ට අසූ මහා ශ්‍රාවක පූජාව , ජනවාරි 15 ප.ව. 7.00 ට සත් බුදු පූජාව , මහරගම පදුම හිමියන් විසින්ද ජනවාරි 16 – ප.ව. 2.30 ට මාවරලේ භද්දිය හිමියන්ගේ විශේෂ දේශණයද ප.ව. 3.30 ට සීමා මාලකය විවෘත කිරීමද (මල්වතු පාර්ශ්වයේ අනුනායක මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ) ජනවාරි 16 - සවස 6.00 ට දළදා ආශීර්වාද පූජාව කොලොන්නාවේ සුමංගල හිමියන් විසින්ද පවත්වනු ලැබේ. ජනවාරි 16 - සිට සතියක් පුරා ජයපිරිත් දේශණයද ජනවාරි 17 - සිට පුරා සතියක් පෙරවරු 5.00 ට කිරි ආහාර පූජාව සහ අෂ්ඨපාන චතුමධුර ගිලන්පස පූජාව ජනවාරි 17 – අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම. ප.ව. 3.00 මාදුලවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 18 - සවස 3.00 ට 25 වෙනි සංවත්සරය නිමිත්තෙන් සංකල්ප පුස්තකාලය විවෘත කිරීම, ජනවාරි 19 - සපිරිකර මහා දානමය පින්කම , ජනවාරි 25 – රාත්‍රි‍්‍ර දෙවියන්ගේ දානය සහ ගරායක් ශාන්ති කර්මයෙන් මෙම පින්කම් මාලාව නිමාවට පත්වේ.