Print this Article


තිබ්බටුපිටියේ ධම්මානන්ද හිමි

තිබ්බටුපිටියේ ධම්මානන්ද හිමි

මොණරාගල රජ මහ විහාරය, කිඩපොල ශ්‍රී නාවළු පුරාණ විහාරය හා ආයුවන්දම ශ්‍රී පුන්‍යවර්ධනාරාමය යන විහාරයන්හි විහාරාධිපති වයඹ ඉහළ දොළොස්පත්තුවේ ද්විතීයික සංඝනායක කම්මාවාගාචාර්ය තිබ්බටුපිටියේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ කුරුණෑගල අධිකරණ කලාපය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් කේ.ඒ.ඩී.එස්. සී.පෙරේරා මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.කුරුණෑගල කොටකන්ද රුවන්බෝධි මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරි පදවියත්, මාස්පොත ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධූරයන් උසුලති. විහාරස්ථාන තුනෙහිම දහම් පාසල් ආරම්භ කර බොදු දරුවන්ගේ ආගමික සංවර්ධනය සඳහා උන් වහන්සේ විශාල සේවාවක් සිදුකරමින් සිටී.