Print this Article


රොටුඹ විමලජෝති නා හිමි තෙමස් සමරුවට පින්කම්

රොටුඹ විමලජෝති නා හිමි තෙමස් සමරුවට පින්කම්

කඹුරුපිටිය මාපලානේ ඤාණාභිවංශ සිරි ධම්මරක්ඛිතාරාම අටමුණි මංගල මහා විහාරය ඇතුළු එම විහාර ගණයේ අධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මාතර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සිරි විමලජෝති පිරිවෙනේ කෘත්‍යාධිකාරි සිරි පඤ්ඤාලංකාර වංශද්වජ ධර්මකීිර්ති ශ්‍රී රොටුඹ විමලජෝති නාහිමියන් අපවත් වීමෙන් උන්වහන්සේගේ තෙමස් ගුණ සමරු පින්කම ජනවාරි 05 –06 දිනවලදී මාපලානේ ඤාණාභිවංශ සිරි ධම්මරක්‍ඛිතාරාම අටමුණි මංගල මහා විහාරයේදී පැවැත්වේ.

05 වනදා රාත්‍රි දහම් දෙසුම දර්ශනපති බලපිටියේ සීවලී හිමියන් විසින්ද 06 වනදා 87 නමක් මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්‍ෂිණාවද පැවැත්වීමට විහාරාධිපති මාපලානේ විමලරතන හිමියන් ප්‍රධාන දායක සභාව කටයුතු යොදා ඇත.