Print this Article


ශ්‍රී මහා බෝධියේදි හා රුවන්වැලිසෑයේ දී කප්රුක් පූජා

 ශ්‍රී මහා බෝධියේදි හා රුවන්වැලිසෑයේ දී කප්රුක් පූජා

බත්තරමුල්ල හීනටිකුඹුර පාරේ පදිංචි එච්.එල්. ඒ. හැරී ආනන්ද මහතාගේ පූර්ණ සංවිධායකත්වයෙන් හා ප්‍රදේශයේ විශාල බෞද්ධ පිරිසකගේ දායකත්වයෙන් ජනවාරි මස 9 –10 යන දිනයන්හි අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සහ රුවන්වැලිසෑය අබියසදී මහා කප්රුක් පූජාවක් සමගින් කිරිපිඬු පූජාවක්, අටවිසි ගිලන්පස පූජාවක් හා 10 වැනි දින එම ස්ථානයේදීම සියනමකට අධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන සපිරිකර දානමය පින්කමක්ද සිදුකෙරේ.බෝධි පූජාව මෙහෙයවනු ලබන්නේ උඩුවෙල සුමංගල හිමියන් විසිනි. සවස 6 සිට 7.30 දක්වා පැවැත්වේ.