Print this Article


කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය ජනවාරි 16 වැනිදා දක්වා පැවැත්වේ.ඒ අනුව නොවැම්බර් 2 වැනිදා ඇරැඹුනු ධර්ම දේශනා පින්කම් මාලාව දිනපතා රාත්‍රි 7 –8 දක්වා පැවැත්වේ.ජනවාරි 8 වනදා සිට ජනවාරි 11 වනදා දක්වා පරිත්‍රාන ධර්ම දේශනා පැවැත්වෙන අතර 13 වනදා රාත්‍රි 8.30 ට උඩමළුවේ පෙරහරද 14 වනදා රාත්‍රි 8 ට මහ පෙරහරද දුරුතු පුන් පෝදාපින්කම් මාලාවද පැවැත්වේ.ජනවාරි 1 වනදා දම්දෙසුම දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමියන් විසින්ද 02 වනදා දම් දෙසුම මාවරලේ භද්දිය හිමියන් විසින්ද 03 වනදා දම් දෙසුම පුංචිහේනේගම සිරිනිවාස හිමියන් විසින්ද 04 වනදා දම්දෙසුම ආචාර්ය මල්වානේ චන්දරතන හිමියන් විසින්ද 05 වනදා දම් දෙසුම විටියල කවිධජ හිමියන් විසින්ද 06 වනදා දම්දෙසුම රත්කරව්වේ පේමානන්ද හිමියන් විසින්ද පවත්වනු ලැබේ.