UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෝමාගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයෙන් සාමාජිකයන් තුන්දහසකට සුදු රෙදි

හෝමාගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයෙන් සාමාජිකයන් තුන්දහසකට සුදු රෙදි

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන 80 ක සාමාජිකයන් තුන්දහසකට රුපියල 500 /- බැගින් වටිනා සුදුරෙදි කට්ටලයක් බැගින් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වෙයි.

බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන මත මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 15 කි. මෙම මුදල්වෙන් කර ඇත්තේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රේණුක පෙරේරා මහතාගේ යෝජනාවක් අනුවය.

හෝමාගම ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටු බලමණ්ඩලයේද සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් කටයුතු සංවිධානය කරනු ලබයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණුවට අතදීමත්, ආගමානුකූල ජීවිතයකයට පෙළඹවීමත් තම වැඩ සටහනේ අරමුණ බව පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ‘බුදුසරණට’ පැවසීය.

ප්‍රදේශයේ විහාරාධිපතීන් වහන්සේලාගේ අධීක්‍ෂණය මත අවම වශයෙන් පසළොස්වක් පෝය දිනයේදීවත් පෙහෙවස් සමාදන් වන අඩු ආදායම් ලාභී පුරවැසි සංවිධාන සාමාජිකයින් බල ප්‍රදේශය පුරා දැනටමත් ක්‍රියාත්මක වන ග්‍රාමීය කමිටු හරහා මේ සඳහා තෝරා ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සෙවා නිලධාරි නීල් ගුණරත්න මහතා කීය.

වැඩිහිටි සංවිධාන ඒකරාශි කරගෙන සවිබල ගැන්වීමත්, එම පුරවැසියන් වෙනුවෙන් සමාජ අවධානය යොමුකරවා ලබන වසර තුළදී වැඩි පිරිසක් ශීල සමාදානය සඳහා යොමු කරවීමටද මෙයින් අපේක්‍ෂා කෙරේ.

ඉදිරි දිනවලදී මෙම ප්‍රදානයන් සිදු කරන ස්ථානයන් මෙසේය.දෙසැම්බර් 28 පෙරවරු 9.00 දියගම ශාලවනෝද්‍යාරාම විහාරය,පෙරවරු. 11.00 සිද්දමුල්ල මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය,පස්වරු 1.00 අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාමය,පස්වරු 3.00 වෑතර ශ්‍රී සුදර්මාරාමය

දෙසැම්බර් 29 පෙරවරු 9.30 වෙනිවැල්කොළ ශ්‍රී සුදර්ශනාරාමය, පෙරවරු 11.00 කහතුඩුව කනිෂ්ඨ විද්‍යාලය,පස්වරු 1.30 කිරිවත්තුඩුව පුරාණ විහාරය, පස්වරු 3.00 සියඹලාගොඩ ධර්මපාල විද්‍යාලය වේ.

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]