UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද දහම් පාසල

දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද දහම් පාසල

50 වන වාර්ෂික පිරිත් පින්කම 28 වනදා

අපවත් වී වදාළ ඌවේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක ඌවේ සීලරතනාභිධාන මහ නා හිමියන්ගේ සහ අපවත් වී වදාළ පණ්ඩිත බඹරපණේ ඤාණිස්සර හිමියන්ගේ මූලිකත්වයෙන් ශාස්ත්‍රානන්ද දහම් පාසල ඇරැඹිණි.

අප දහම් පාසලේ හැට අට වසරක ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට එය කාල පරිච්ඡේද හතරකට වෙන් කළ හැකිය. 1948 වසරේ සිට 1973 වසර දක්වා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් ක්‍රියා කළේ පණ්ඩිත බඹරපණේ ඤාණිස්සර මා හිමිපාණන් වහන්සේය. වසර විසිහතරක් පමණ වූ එම කාල පරිච්ඡේදය තුළදි දහම් පාසලේ දියුණුවට සහ දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ අනිකුත් දහම් පාසල් වලට සිදුවූ සේවය අතිමහත්වේ. විශේෂයෙන්ම දහම් පාසල් අතර අන්‍යෝන්‍ය සුහදතාව සමීප සම්බන්ධතාව හා දහම් පාසල් මගින් පුළුල් සේවාවක් කිරීමට අවස්ථාවක් සලසා ගැනීම යන පරමාර්ථ ඇතිව දෙහිවල, ගල්කිස්ස ප්‍රදේශවල දහම් පාසල් සම්බන්ධ කරගෙන ශ්‍රී ගෞතම ධර්මපාඨශාලා සංවිධානය බිහිවූයේ අප දහම් පාසලේ මූලිකත්වයෙනි. දහම් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම, ඔවුන්ගේ සැඟවී තිබුණු සහජ දක්ෂතාවයන් එළි දැක්වීම,දහම් පාසල් ගුරුවරුන් අතර සුහදතාවය හා සමීප සම්බන්ධතාව වර්ධනය වීම එම සංවිධානය නිසා ඇති වූ වැදගත් ප්‍රතිඵල වලින් කීපයකි. මෙම සංවිධානය මගින් වාර්ෂිකව පවත්වනු ලැබූූ කථික, පද්‍ය ගායනා හා දහම් දැනුම තරග වලින් අප දහම් පාසල උසස් ජයග්‍රහණ හිමිකර ගත්තා පමණක් නොව බී,ඊ,ජී.සී ප්‍රනාන්දු ශූරතා කුසලානයද හිමිකර ගත්තේය.මෙම කාල පරිච්ඡේදය දහම් පාසලේ ස්වර්ණමය අවධිය වශයෙන් සැලකුවද වරදක් නැත.

බඔරපණේ ඤාණිස්සර හිමියන්ගේ අපවත් වීමෙන් පසු දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයට පත්වුයේ ගොරඩියකුඹුරේ විමලඥාන නා හිමියන්ය.දහසක් බාධක මධ්‍යයේ උන්වහන්සේ දහම් පාසලේ කටයුතු කරගෙන ගියේ තමන්ට ශක්ති ප්‍රමාණයෙන්ය.

1983 වර්ෂයේ සිට 2009 වසර දක්වා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයෙහි කටයුතු කරන ලද්දේ අඹේවෙල ධම්මපාල හිමියන් විසිනි. අඹේවෙල ධම්මපාල හිමියන් විසින් 2009 ජුනි 31 වන දින දහම් පාසලේ ප්‍රධානාචාර්ය පදවිය පිරිවෙන් විහාරාධිකාරි කටුගහ ඤාණරතන හිමියන් වෙත පවරන ලදී. උන්වහන්සේද උපප්‍රධානාචාර්ය සරත් පද්මපෙරුම මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහාය ඇතුව ඉතා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරයි.දැනට දහම් පාසලේ සිසු දරු දැරියන් 400කට අධික පිරිසක් දහම් අධ්‍යාපනය ලබන අතර මූලික ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය පන්තිය දක්වා පන්ති පැවැත්වෙයි. විසිහතර දෙනෙකුගෙන් සමන්විත ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයක් මේ උදාර කාර්යයෙහි නිරතව සිටිති. දහම් අධ්‍යාපනයට මුල් තැනක්දී ක්‍රියා කරන අතර දරු දැරියන්ගේ වාග් පටුත්වය වැඩි දියුණු කිරීමට වෙනත් දක්‍ෂතා ඇති සිසු සිසුවියනට ඒවා ප්‍රගුණ කර ගන්නට දහම් පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිවාස වලට වෙන්කර මාසිකව නිවාස රැස්වීම්, ධර්මවාදිනි ශිෂ්‍ය සමිතියේ රැස්වීම්, පැවැත්වෙයි. දරු දැරියන් ආගමික කටයුතු වලට හුරු පුරුදු කරනු සඳහා සෑම පොහෝ දිනකම අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, පැවැත්වීම, ධර්ම දේශනා වලට සහභාගි කරවීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩලයේ සහ සංවර්ධන සමිතියේ මග පෙන්වීම ඇතිව වාර්ෂිකව වර්ෂ අවසානයේ නව වසරට සෙත් පතා පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමීම, වෙසක් පොසොන් වැනි වැදගත් පොහෝ දිනවලදි සිල් සමාදන් කරවීම ආදිය ආගමික කටයුතු අතර ප්‍රධාන තැනක් ගනියි. අපේ චාරිත්‍ර විධි පිළිබඳව අවබෝධයක් ලබා දීමට සිංහල අලුත් අවුරුදු උත්සව, ජාතික දින සමරු උත්සව හා ජාතික වීර වරයන් සැමරීම ද සිදු කරගෙන එනු ලැබේ. රට තුළ පවත්නා පෞරාණික සිද්ධස්ථාන දැක ගැනීමටත් වැඳ පුදා ගැනීමටත් වාර්ෂිකව අධ්‍යාපන චාරිකාද සංවිධානය කරනු ලැබේ.

පුරා වසර පනහක් පමණ කාලයක් තිස්සේ දහම් පාසලට නොමැකෙන සේවයක් ඉටු කරමින් දහම් පාසලට කිසිදා අමතක නොවන එස්.ඒ.එච්. සිරිවර්ධන මහත්මාගේ එම වටිනා සේවය අගය කරමින් 2006 ඔක්තෝබර් 29 වන දින ‘සිරිවර්ධන අභිනන්දන’ උපහාර උළෙලද පවත්වන ලදී. එතුමා දහම් පාසලේ ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවද තවමත් දහම් පාසලේ සංවර්ධන සමිතියේ ලේකම් ධුරය දරමින් කටයුතු කිරීම මෙහි සඳහන් කරනුයේ බලවත් සතුටිනි.

දහම් පාසල මගින් සිදු කරනු ලබන ත්‍යාග ප්‍රදානෝත්සව , අවුරුදු උත්සවය හා වාර්ෂික පිරිත් පින්කම් ආදි සෑම කටයුත්තකදීම මෙම සංගමයෙන් ලැබෙන සහාය ඉතා අගේ කොට සැලකිය හැකිය. එසේම ආදි ශිෂ්‍ය සංගමයද දහම් පාසලේ දියුණුව වෙනුවෙන් නිතර නිතර හමුවී සාකච්ඡා කර අවශ්‍ය සහයෝගය උපරිම අයුරින් ලබාදීමට කටයුතු කිරීමද දහම් පාසලේ ප්‍රගතිය තව තවත් වර්ධනය වීමට ඉවහල් වන්නකි.

2013 වසර වන විට දහම් පාසලේ නව වර්ෂයට සෙත් පතා වර්ෂ අවසානයේ සිදුකරනු ලබන පිරිත් පින්කමට පනස් වසරක් සපිරෙයි.මෙම වසරේදි එම පිරිත් පින්කම හා සපිරිකර සංඝගත දක්ෂිණාව දෙසැම්බර් මස 28 ශනි දින ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමටත් පසු දින උදෑසන සාංඝික දානමය පුණ්‍ය කර්මය සිදු කිරීමටත් ප්‍රධානාචාර්ය , කටුගහ ඤාණරතන හිමියන්ගේ අනුශාසනා ඇතිව උප ප්‍රධානාචාර්ය සරත් පද්මපෙරුම මහතා සමඟ ආචාර්ය මණඩලයත් සිසු දරු දැරියොත් සංවර්ධන සමිතියත් ආදි ශිෂ්‍ය සංගමයත් සියලු කටයුතු සංවිධානය කරමින් සිටිති.

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]