Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බුදුසරණ පුවත්පත නොමිලයේ බෙදා දීමක්

පොල්ගස්ඕවිට හෙරලියාවල ශ්‍රී සුධර්මාරාම විහාරාධිපතිව හා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනු නායකව වැඩ සිටි පණ්ඩිත වේඩරුවේ අනෝමදස්සී නා හිමියන්ගේ 25 වැනි ගුණ සමරුව පසුගිය 7 දා පැවැත්විණ. ඒ නිමිත්තෙන් උන්වහන්සේ විසින් සිදු කරන ලද ධර්ම දේශනයක් 9 වැනිදා ‘බුදුසරණ’ පුවත්පතෙහි පළ කෙරුණි.එම ලිපිය ඇතුළත් බුදුසරණ පුවත්පත් උත්සවයට පැමිණි පිරිස අතර නොමිලයේ බෙදා හැරිණ. භික්ෂූන් වහන්සේලා හා ගිහි පිරිස බුදුසරණ පුවත්පත කියවමින් සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එස්. පන්නිල - පොල්ගස්ඕවිට සමූහ

දෙසැම්බර් මාසයේදී තායිලන්තයේ මහාචූලාලංකාර භික්ෂු විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකිකයින් එකසිය දෙනෙකු සඳහා වූ දෙසති පැවිදි වැඩසටහනට සහභාගි වන පිරිස සඳහා පුහුණු වැඩ සටහනක් මාබිම තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ශාස්ත්‍රපති රාස්සගල සීීවලී හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුවූ මෙම පුහුණු වැඩසටහන සඳහා මහාචූලාලංකාර විශ්ව විද්‍යාලයෙන් සහභාගි වූ පණ්ඩිත ප්‍රා ක්රූ සුචද්ධන, පණ්ඩිත ප්‍රා. මහමේධා, ප්‍රා මහා නිරුත්, යන හිමිවරුද රාස්සගල සීවලී, නාමල්දෙනියේ ධම්මසුමන යන හිමිවරුද වැඩසටහනට එක්වූ පිරිස ද මෙහි වේ. ඡයා - මහරගම සමූහ - ටී.ඩී. සිරිසේන

දෙහිවල - ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය මඟින් මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් වාර්ෂිකව කෙරෙන සත්කාර වැඩසටහන මේ මස 27 වන දා පිළිකා රෝහලට රු.145,000 පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග ද රෝහලේ නේවාසික රෝගීන්හට වියළි සලාක ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී.පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක, දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතියේ සභාපති රනිල් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික පි‍්‍රයන්ග ද අල්විස්, සාමාජික දසිත් ප්‍රනාන්දු, සහකාර ලේකම් ආනන්ද පෙරමුණේ සහ අධ්‍යක්ෂක ටී. ආර්. පීරිස් මහත්වරු ඡායාරූපයේ වෙති.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ සභාපති මාධ්‍යවේදී කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ සංවිධානත්වයෙන් ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී අභය දාන පින්කමක් පසුගියදා පැවැත්විණ.විහාරාධිපති හුණුවිල ශ්‍රී සුමනරතන නා හිමියන් ප්‍රධාන විශාල පිරිසක් පින්කමට සහභාගි වූ අතර ගවයින් 16 දෙනෙකු හා පක්ෂීන් රාශියක් ද මෙදින නිදහස් කළහ .පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජේ.ඒ. නවරත්න මහතා, ගිරිඋල්ල පොලිස්ථානාධිපති ධර්මසිරි වීරසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.