Print this Article


අලුත්වැව සෝරත නා හිමි තෙමස් සමරුවට පින්කම්

අලුත්වැව සෝරත නා හිමි තෙමස් සමරුවට පින්කම්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ ඌව විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන් අපවත් වී තෙමසක් පිරීම නිමිත්තෙන් දෙසැම්බර් මස 24, 25, 26, 27 යන දිනයන්හි පින්කම් රැසක් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නව විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

දෙසැම්බර් මස 24 දින පස්වරු 5.30 ට පමණ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මල් පහන් ගිලන්පස බුද්ධ පූජාවන් පැවැත් වේ. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර චෛත්‍ය මළුවේ ධර්ම දේශනාව කොළොන්නාවේ සිරි සුමංගල නා හිමියන් විසින් පවත්වනු ලැබේ.

දෙසැම්බර් මස 25 දින කිරිවෙහෙර චෛත්‍ය මළුවේ ධර්ම දේශනාව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පවත්වනු ලැබේ. 26 දින කිරිවෙහෙර චෛත්‍ය මළුවේ ධර්ම දේශනාව කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් විසින් පවත්වනු ලැබේ. 27 දින දහවල් ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් අටපිරිකර සමඟ මහා දානය පිළිගන්වා ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ට පින් අනුමෝදන් කරවීම සිදු කෙරේ.