Print this Article


ශාස්ත්‍රානන්ද දහම් පාසලේ 50 වෙනි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

ශාස්ත්‍රානන්ද දහම් පාසලේ 50 වෙනි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද දහම් පාසල 1963 සිට අඛණ්ඩව වර්ෂ අවසානයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින සාංඝික දානය පිළිගන්වා එළඹෙන්නාවූ නව වර්ෂයට සෙත් පැතීම සිදු කොට ඇත. 50 වෙනි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මෙම වර්ෂයේ ද දෙසැම්බර් 28 දා පිරිවෙන් විහාරාධිපති ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අඹේවල ධම්මපාල නාහිමියන් වහන්සේගේ හා ප්‍රධානාචාර්ය දර්ශනපති කටුගහ ඤාණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසලේ ගුරු මණ්ඩලයේ ද ධම්මවාදිනි ශිෂ්‍ය සමිතියේ ද, දහම් පාසල් සංවර්ධන සමිතියේ ද ආදි ශිෂ්‍ය සමිතියේ ද පූර්ණ දායකත්වයෙන් හා සහභාගීත්වයෙන් දහම් පාසලේ දී පැවැත් වේ.