Print this Article


සුනාමියෙන් මියගිය අයට ශ්‍රී දළදා මාලිගාවේදී පින් අනුමෝදනාවක්

සුනාමියෙන් මියගිය අයට ශ්‍රී දළදා මාලිගාවේදී පින් අනුමෝදනාවක්

මහනුවර අස්ගිරිය මහා විහාරයීය තෝරදෙණිය වෙද පන්සලේ බෝගමුවේ ඉන්දරතන සමාජ සත්කාර පදනමේ සභාපති මධ්‍යම පළාත් දේශීය වෛද්‍ය සංවිධානයේ සහ මහනුවර ගඟවට කෝරලයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති බෝගමුවේ ඉන්දරතන හිමියන් විසින් සුනාමියෙන් මියගිය ජනතාවට පින් අනුමෝදන් කිරීම් වස් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පූජාව සහ දානමය පින්කම දෙසැම්බර් 27, 28 දිනයන්හි ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරේ.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරු, අනු නා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය පනස්නමක් විෂයෙහි සපිරිකර සංඝ ගත දක්ෂිණාව 28 වැනිදා පිරිනැමේ.