Print this Article


රතන සූත්‍රය සජ්ඣායනා කිරීමක්

රතන සූත්‍රය සජ්ඣායනා කිරීමක්

සහස්‍ර වර්ෂයට සෙත්පතා 1999 දෙසැම්බර් 31 දින රාත්‍රී ආරම්භ කරන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනය නො කඩවා සෑම වර්ෂයකම පවත්වන ලදී.

මාතර ඈදුව - මදුරුදූව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ කෙමන්වැටිය ඇළ අසලදී පවත්වනු ලබන මෙම පිරිත් පින්කම මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර විශේෂත්වය වන්නේ මහානුභාව සම්පන්න රතන සූත්‍රය දහස් වාරයක් සජ්ඣායනා කිරීමට කටයුතු යොදා තිබීමයි.

ගිහි පිරිත් කණ්ඩායම විසින් සජ්ක්‍ධායනා කිරීමට නියමිත පිරිත් දේශනය මේ මස 28 රාත්‍රී 8.00 ආරම්භ කර 2014 ජනවාරි 01 දින උදෑසන අවසන් කිරීමට නියමිත ය.

ජනවාරි 01 දින උදෑසන අටවිසි කිරි ආහාර බුද්ධ පූජාව සහ මහ සඟරුවනට උදෑසන දානය පිරිනමා මෙම මහඟු පින්කම සමාප්ත වේ.