Print this Article


භව කතරින් එතෙර වීම (නිවනට මග - 1)

භව කතරින් එතෙර වීම (නිවනට මග - 1)

වේවැල්දෙණිය ආරණය සේනාසනාධිපති වනවාසී පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියූ ‘භව කතරින් එතෙර වීම’ (නිවනට මඟ - 1) බෞද්ධ ග්‍රන්ථය මේ මස 23 සඳුදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ, ජාතක පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළි දැක්වීමට නියමිතව තිබුණි.

මහරගම සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශයක් වන මෙම ග්‍රන්ථයෙන් සෑම දෙනාගේ ම ජීවිත ආලෝකමත් කර ගැනීමට අවැසි වන ධර්ම කාරණා රැසක් ඉතා සරලව විස්තර කර තිබේ.

කඳුබොඩ භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ දී ශ්‍රී පාද පිරිවෙන්පති හතිරිලප්ලේ ධම්මාලංකාර නාහිමියෝ ප්‍රධාන දේශනය පවත්වති.