Print this Article


අනුරපුර උරුමය රම්‍ය අටමස්ථානය

අනුරපුර උරුමය රම්‍ය අටමස්ථානය

මෙම ලිපියෙහි මුල් කොටස දෙසැම්බර් 16 වනදා පත්‍රයේ පළ විය

මිරිසවැටිය


මිරිසවැටිය

දුටුගැමුණු රජු පළමුවෙන්ම ඉදිකළ දාගැබ මිරිසවැටියයි. තිසා වැවේ ස්නානයට යන කල දුටුගැමුණු රජුතුමාගේ ජයකුන්තය එක්තරා ස්ථානයක සිටුවා ගියේය. ස්නානය අවසන්කොට පැමිණි රජුට එය ආපසු ගැනීමට නොහැකි වන සේ විශ්මය දනවන අයුරින් එය එතැනට සවි වී තිබිණ. එබැවින් රජු තම ජයකුන්තය වැසෙන සේ දාගැබක් බැඳවූවේය. එය “ මිරිසවැටිය “ යි. තවද භික්ෂූන් වහන්සේලාට කොටසක් පූජා නොකොට තමන් අනුභව කළ මිරිස් මාළුවක් ගැන සිහිපත් කළ දුටුගැමුණු රජු එයට දඬුවමක් වශයෙන් මෙම ස්තූපය ඉදිකළ බව මහාවංසය කියයි. “මිරිසවැටි” යන නම ලැබණේ ඒ නිසා යැයි ද කියවේ.

ලංකාරාමය

වළගම්බා රජු කර වූ ‘සිලාසොබ්භඛණ්ඩක චේතිය” වර්තමාන ලංකාරාමය ලෙස හඳුනාගෙන තිබේ. රජ බිසව වූ සෝමාදේවිය ගේ ඉල්ලීම මත කරවූ “මණිසෝමාරාමය “ එම ස්තූපය සහිත සංඝාරාමයේ මුල් නම විය. කණිට්ඨතිස්ස රජු එයට විශාල පිරිවෙනක් කරවා ස්තූපයට ථූපඝරයක් ද ඉදිකරවීය. ගෝඨාභය රජු ථූපඝරය ප්‍රතිසංස්කරණය කරවීය.


ජේතවනාරාමය

ලංකාරාම චෛත්‍යයේ විෂ්කම්භය අඩි 38 ක් වෙයි. ස්තූපය හා ථූපඝරය දරා සිටින වෘත්තාකාර පාදම වේදිකා, 2 කින් යුක්තය. ඉහළ වේදිකාවේ සිට ස්තූපයේ හතරැස් කොටුව මුදුණට උස අඩි 33 අඟල් 07 කි. නැගෙනහිරින් දකුණින් හා උතුරින් පඩි පේළි සහිත දොරටු තුනකි.

ථූපාරාමය

ථූපාරාමය අනුරාධපුර මහා ආවාස පහෙන් එකකි. මහින්දාගමනයෙන් පසු ලංකාවේ ඉදි වූ මුල්ම ඓතිහාසික ස්තූපය “ ථූපාරාමය” යි. ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු ථූපාරාමය ඉදි කළේය. මෙහි නිධන්කොට ඇත්තේ බුදුරදුන්ගේ “දකුණු අකු ධාතුව බව මහාවංසයේ සඳහන් වෙයි.


ලෝවාමහාපාය

පොළෝ මට්ටමෙන් අඩි 11 1/2ක් උස කවාකාර වේදිකාවක් මත ථූපාරාමය පිහිටා තිබේ. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 59 ක් වන අතර උස අඩි 63 කි. එකල ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ බව විශ්වාස කෙරෙන අතර වර්තමානයේ දැකිය හැකි වන්නේ වර්ෂ 1862 ප්‍රතිසංස්කරණ කළ ඝණ්ඨාකාර ස්වරූපයයි.

ලෝවාමහාපාය

ලෝවාමහාපාය යනු මහා විහාරයේ පොහොය ගෙයයි.ලෝවාමහාපායෙහි නටබුන් අතර එක් පේළියකට මහා ගල් කුලුනු 40 බැගින් පේළි 40 ක මුළු ගල් කණු සංඛ්‍යාව 1600 කි. දැනට පෙනෙන අන්දමින් එම ගල් කණු සිටුවා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජුගේ නියමය පරිදිය. ගල්කණු තිබෙන භූමිය හරි හතරැස් වෙයි.


ලංකාරාමය

මෙම ලෝවාමහාපාය දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරවන ලද අතර පසුව එය දුටුගැමුණු රජු විසින් නව මහල් කොට විශාල කරවන ලදී. මහාවංසය සඳහන් කරන පරිදි මෙහි යට මාලයේ පෘථග්ජන භික්ෂූන් වහන්සේද දෙවැනි මහලේ ත්‍රිපිටකධාරි භික්ෂූන් වහන්සේද ,තෙවැනි සතරවැනි හා පස්වැනි මහල් හි පිළිවෙලින් සෝවාන්, සකෘර්දාගාමී, අනාගාමී භික්ෂූන් වහන්සේ ද, පස්වැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතන් වහන්සේ ද වැඩ සිට ඇත්තාහුය.

මෙහි ඉතා මෑතකදී ගල් කණු මත තනි මහලකින් යුත් පොහොය ගෙයක් තනවා තිබේ.