UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන 61 වැනි විධිමත් මහාවිහාර පුන් පොහොය වැඩසටහන මෙයයි.

උඳුවප් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනය පැවැත්වේ. මෙම උඳුවප් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. 17 වැනි දා, එනම් උඳුවප් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත් වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


තෙලවල විජයරූපාරාමය

කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත දම්පහළ ඥාණරතන නා හිමි අනුශාසකත්වයෙන් සිදු කරන වැඩසටහන. කිරිපිඬු දානය සහිත පෙරහර අලුයම 5.30 ට, අලුයම 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදු කිරීම ධර්මායතනාධිපති හිමි, පෙරවරු 7.30 සිට 8.00 දක්වා දානය ප්‍රත්‍යවේක්‍ෂාව හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 8.30 සිට 9.30 දක්වා භාවනාව නිමල්ගොඩ සද්ධාවිහාරි හිමි, 9.30 සිට 10.30 දක්වා ගිහි දේශනය බී.ආසිරි රාජපක්‍ෂ මහත්මා 10.30 සිට 10.45 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 10.45 සිට පස්වරු 12.00 දක්වා දහවල සම්බුද්ධ පූජාව සිදුකිරීම දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12.30 සිට ප.ව. 2.00 දක්වා ධර්ම සාකච්ඡාව පන්නිපිටියේ නියඳගල ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග මහත්මා 2.00 සිට 3.00 දක්වා ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහත්මා, 3.00 සිට 4.00 දක්වා කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩිහාමුදුරුවන් වහන්සේ, 4.00 සිට පස්වරු 5.00 දක්වා මහ පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ හිමිවරු, 6.30 ට සිල් පවාරණය සිදු කිරීම හා අෂ්ඨපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම, ධර්මායතනාධිපති නා හිමි, 8.00 බුදුසරණ පත්‍ර බෙදාදීම, කේ.ඩී. චමිලා මෙනවිය මාතර.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයෙහි පොහොය දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්මදේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනාව ඕපනායක නිරාශා දසසිල් මෑණියන් 9.00 සිට 10.00 දක්වා ධර්ම දේශනාව දාස්වත්තේ සුමනසීල හිමි, 10.00 සිට 11.00 දක්වා භාවනාව, ඕපනායක නිරාශා දසසිල් මෑණියන් 11.00 ට දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය 1.00 සිට 5.00 දක්වා භාවනාව කොට්ටාවේ සුධීරා දසසිල් මෑණියන් අනතුරුව තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට විසිතුරු මල් පහන් ගිලන්පස අටවිසිබුද්ධ පූජාවක් සහ අසූමහ ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මෑණියන්. පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මැතිනියගේ අනුග්‍රහයෙනි.


හොරේතුඩුව පුරාණ ගංගාරාමය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් වැඳීම පිටකෝට්ටේ ආනන්ද හිමි, 8 සිට රූපවාහිනි ධර්ම දේශනාව (අරලියගහ මැදුරේ සිට විකාශනය වන) 10.00 භාවනා වැඩසටහන පස්වරු 1.00 ධම්මචක්ක සූත්‍ර දේශනාව, 2.00 ධර්ම සාකච්ඡාව අත්තිඩියේ නිමල් පෙරේරා මහතා , 5.00 භාවනා වැඩසටහන කෝලිත හෙට්ටිගේ මහතා, 6.00 බෝධි පූජාව මොරටුවේ සද්ධානන්ද හිමි විසින්.


මාතර වෙලේගොඩ පුරාණ මන්තින්දාරාමය

අතුරලියේ තිලකානන්ද නාහිමිගේ අනුශාසනා පරිදි විටියල කුසුම්සිරි හිමි, අතුරලියේ ජිනානන්ද හිමි, හබරත්වල සෝභිත හිමි, යටිගල ඤාණසිරි හිමිවරුන් දේශනා පවත්වයි.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව, ගැටඅරළුවේ විපුල ධම්ම හිමි, 7.30 – 9.45 භාවනාව සහ ධර්ම දේශනය ගම්පහ සිරි සීවලී හිමි, 9.45 – 11.15 ධර්ම සාකච්ඡාව මහාචාර්ය දයාරෝහණ අතුකෝරල මහතා 11.20 ගවයින් නිදහස් කිරීමේ පින්කම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විදුරුපොල ආනන්ද හිමි, පස්වරු 1.00 – 2.00 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංශ හිමි, 2.30 – 3.30 ධර්ම දේශනය කීම්මන්තුඩාවේ සිරිරතන හිමි, 3.45- 4.45 ධර්ම දේශනය මොරකැටිආරේ ධම්මික හිමි, 5.00 – 6.30 ධර්ම දේශනය පුලියැද්දේ සුධම්ම හිමි, 6.45 – 7.45 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගතකළ එකකි) 7.50 – 8.50 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.00 සිට රූපවාහිනි තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


බෙල්ලන්විල රජමහා විහාරය

පෙරවරු 6.00 සිල් සමාදන්වීම හා තෙරුවන් වන්දනාව 7.00 බුද්ධ පූජාව, 8.30 ට ධර්ම දේශනාව හෙවෙස්සේ නන්දාරාම හිමි, 10.00 ට භාවනාව තලාවේගම සද්ධාතිලක හිමි, පස්වරු 1.30 ට ජාතක ධර්ම දේශනාව, ඔක්කම්පිටියේ විද්‍යානන්ද හිමි, 3.00 ට ධර්ම සාකච්ඡාව, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, මහාචාර්ය ජී. අරියපාල මහතා සහ ශාස්ත්‍රපති ජී. වීරතුංග මහතා 4.30 ට ධර්ම දේශනාව මාලම්බඩ පඤ්ඤාසාර හිමි, රාත්‍රි 7.00 ට බුද්ධ පූජාව 7.30 ට ධර්මදේශනාව කරගහවෙල චන්දානන්ද හිමි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි, 9.00 – 10.00 ධම්ම පදයෙන් පිටිපන ශාසනරතන හිමි, 10.00 - 11.00 භාවනාව සහ අනුශාසනාව, ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12.00 – 01.00 අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ පටිගත කළ ධර්ම දේශනාව 1.00 – 1.45 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ කඹුරුගමුවේ මහානාග හිමි, 1.45 – 2.45 ධර්ම සාකච්ඡාව දර්ශනපති මඩිහේ සුගත සිරි හිමි, 3.00 – 4.00 ධර්මදේශනය, බලපොකුණ පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති සමන්එළියේ පියදස්සි හිමි, 4.00 – 5.00 ගිහි දේශනය ඉරිදා දිවයින ප්‍රධාන කර්තෘ ගාමිණි සුමනසේකර මහතා, 5.00 – 6.00 ධර්මදේශනය රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ ශීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30- 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කනංකේ ධම්මික හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම, කථිකාචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව නාථගණේ අග්ගවංස හිමි, 4.15 – 5.00 ධම්මපදය -ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි ශීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව පැපිලියාන සුනේත්‍රාදේවී විහාරාධිකාරී සහ සුනේත්‍රාදේවී මහා පිරිවෙන්හි ආචාර්ය ශාස්ත්‍රපති රත්මලානේ පඤ්ඤාජීව හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මාගම සුජාත හිමි යාලගමුවේ මංගල හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්‍ඛිත හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව පණ්ඩිත බොරලැස්ගමුවේ පේමරතන හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය වෑවල සෝමධම්ම හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 ධර්ම දේශනය සිරි ධම්මින්දාරාම විහාරවාසී දිවුරුම්වෙල විනීත හිමි, 9.00 වෙසෙසි දෙසුම දර්ශනපති කතිකාචාර්ය, ආනන්ද සිල්වා මහතා, 10.30 ධර්මදේශනය හටංගල අමරවංශ හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, 12.45 තෙරුවන් ගුණ සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, 1.15 පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියැවීම විජේසිරිවර්ධන මහතා, 3.00 ධර්ම දේශනය කොහුලියද්දේ දේවානන්ද හිමි, 4.00 ධර්ම දේශනය, රම්මලේ අරියවිසුද්ධි හිමි, 7.00 රාත්‍රි විශේෂ ගිලන්පස මල් පහන් බුද්ධ පූජාව සහ ආශිර්වාදාත්මක බෝධි පූජාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝරත්නය, මෙදිනද බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ, කාන්ති පෙරේරා , අමරා ගමගේ , විමලාවතී , ශාන්ති ,පෙරේරා මහත්මීන් සහ ජයතිස්ස කොඩිතුවක්කු මහතා වේ.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

සීල සමාදානය සහ අනුශාසනාව, භාවනාව - ශාස්ත්‍රපති මහරගම මහින්ද නා හිමි, 8 - 9 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කහපත්විල සුසීම හිමි, 9 - 10 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය කෙරෙන ධර්ම දේශනාව 10 – 11 ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුනේෂ් ගුණතිලක මහතා පස්වරු 12 - 1 පිරිත් දේශනාව, 1.00 - 2.30 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංශ මහතා 3 - 4 දක්වා ධර්ම දේශනාව කොලොන්නාවේ ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කොවිද හිමි, 4 සිට 5 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති අමරකිත්ති නා හිමි 5. සිට 5.30 ගිිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරණය දේශීය හා විදේශීය ස්වාමින් වහන්සේලා


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාස්ථානයේ සීල වැඩසටහන් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරවරු 6.00 - 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, රජවත්තේ වප්ප හිමි, 7 – 7.30 ට සම්බුද්ධ පුජාව තල්ලේලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 දක්වා භාවනාව,- ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි 9.15 – 10.15 ට ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ලුණුගම්වෙහෙරේ විමලානන්ද හිමි 10.30 – 11.00ට දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15 – 12.30 දම්සක් පැවැතුම් සූත්‍රය සජ්ඣායනාව, 2.15 – 3.15 ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 3.30- 4.30 භාවනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 4.30 – 5.30 දක්වා ධර්ම දේශනාව බංගලිදේශයේ සුමේධ හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි, 6.45 – 7.45 සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 රාත්‍රි ධර්ම දේශනාව (පටිගත කරන ලද)


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පෝදා වැඩසටහන මඩවල ධම්මික ජනවංශ හිමි, දෙහිගස්පේ සිරි විමල හිමි, ගම්මැදගම චන්ද්‍රජෝති හිමි, කුරුණෑගල තිලෝකනාථ හිමි, සෙවනගම මිලිදු හිමි, යටිගල ඤාණසිරි හිමි, බුකැන්දයායේ අරියවංස හිමියන් විසිනි.


මාතර උයන්වත්ත වාලුකාරම මහා විහාරය

බඹරැන්දේ රාහුල හිමිගේ අනුශාසනා පරිදි පෝ දින රොටුඹ සෝමරතන හිමි, බෙලිඅත්තේ රතනසාර හිමි, තවලම සුමනරතන හිමි, බටුවිට නන්දවංශ හිමි, බුත්තල බෝධිසීහ හිමි කුරුණෑගල තිලෝකනාථ හිමිවරු දේශනා පවත්වයි.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]