UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංඝමිත්තා රහත් තෙරණියගේ ගුණ සමරු පින්කම

සංඝමිත්තා රහත් තෙරණියගේ ගුණ සමරු පින්කම්

අනුරාධපුර විහාරමහා දේවි ආරමයේ දී

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සමස්ත ලංකා ජාතික සිල් මාතා සංගමය සංවිධානය කරනු ලබන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ වාර්ෂික ගුණ සමරු පින්කම අනුරාධපුර විහාරමහා දේවි ආරමය කේන්ද්‍ර කරගෙන මේ මස 16 හා 17 දිනයන් හි පැවැත්වේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පිළිරුව රැගත් පෙරහැර 16 දී පස්වරු 2.00 විහාරමහා දේවී ආරාමයෙන් පටන්ගෙන ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට පැමිණ පුද සත්කාර පවත්වා අනතුරුව රුවන්මැලි මහ සෑ රදුන් අභියසට පැමිණ සිල් මෑණිවරුන් හය සියයකගේ සභභාගිත්වයෙන් විශේෂ බෝධි පූජාවක් පැවැත්වේ. පසුදින (17) පෙරවැර 9.00 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුව මහ විහාරස්ථ සන්නිපාත ශාලාවේ දී අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිල්මාතා ජාතික මණ්ඩල සමුළුව පැවැත්වේ. එම අවස්ථාවට උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකොන් යන මහත්වරු ප්‍රධාන නියෝජ්‍ය අමාත්‍යවරුන් ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රා පේ‍්‍රම ගමගේ අමාත්‍ය ලේකම් ඇතුළු විශාල පිරිසක් සහභාගි වනු ඇත.


කොළඹ නිදහස් චතුරස්‍රයේ දී

කොළඹ දී පැවැත්වෙන සඟමිත් දින ජාතික සැමරුම් උළෙල මේ මස 20 වෙනි දින සවස 3. 00 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත ය. මෙයට සමගාමී ව කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමිගේ අනුශාසකත්වයෙන් සම්බෝධි විහාරස්ථානයෙන් ඇරඹෙන සඟමිත් තෙරණි පිළිරුව රැගත් අලි ඇතුන් සහිත සඟමිත් මහා පෙරහර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරේ.

මෙහිදී ඉතිහාසයේ ප්‍රථම වරට කොඩි දිනයක් හා මුල් දින කවරයක් සමඟින් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරෙන බව සංඝමිත්තා ශ්‍රද්ධාකර පදනමේ සභාපතිනී චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය පැවසුවා ය.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]