Print this Article


ධර්ම විජය පදනමේ සත්කාරයක්

ධර්ම විජය පදනමේ සත්කාරයක්

ඇසේ සුද ඇතිවීම නිසා පෙනීම දුර්වලව ඇති, සැත්කමක් නිර්දේශිත, අක්‍ෂි කාච (Inter Occular Lenses)  බද්ධ කර ගැනීමට වියදම් දැරීමේ අපහසුතාවයෙන් පෙළෙන, ස්වාමීන් වහන්සේලා සහ ස්වාමීන් වහන්සේලාගේ මව්පියන් සඳහා මූල්‍යාධාර සැපයීමේ ව්‍යාපෘතියක් ධර්මවිජය පදනම අරඹා ඇත.

උපකාර ලබා ගැනීමට අපේක්‍ෂිත ස්වාමීන් වහන්සේලා සභාපති, ධර්මවිජය පදනම, 380/7, සරණ පාර, කොළඹ 07 යන ලිපිනයෙන් හෝ 0112298870 දුරකථන අංකයෙන් විස්තර ලබා ගත හැකි බව එම පදනම කියයි.