Print this Article


ජන්ම දින සැමරුම

ජන්ම දින සැමරුම

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ ජන්ම දිනය සමරන මේ මස 13 වන දින රාත්‍රී 7.00 ට නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ගිලන්පස පූජා, බෝධි පූජා පින්කමක් පැවැත්වේ. නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රවේදී පණ්ඩිත, කිරිඔරුවේ ධීරානන්ද හිමිගේ අනුශාසනා පරිදි මෙම පින්කම මෙහෙයවනු ලබන්නේ බණ්ඩාරගම, වීදාගම, මහා මෛත්‍රී විහාරවාසී, හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන සූරියවැවේ අනුරුද්ධ හිමි විසිනි. මෙදින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දළදා සමිඳුන් වෙනුවෙන් හා පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාමයේ දී විශේෂ මල්, පහන්, සුවඳ පූජා පින්කමකි.