Print this Article


පන්නල දේවරාජාරාමයේ පින්කම් රැසක්

පන්නල දේවරාජාරාමයේ පින්කම් රැසක්

දෙව්රජ ථූපාභිවන්දනාව සහ කාව්‍යමය ධර්මදේශනයක් 28 දා සවස 5.00 සිට පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. දෙව්රජ ථූපාභිවන්දනා තුළින් විහාරස්ථ චෛත්‍ය රාජයාණන් වහන්සේ නෙළුම් මල් ලක්‍ෂයකින් හා සුවඳ දුමින් පිදීම සිදු කෙරේ. ඉන් අනතුරුව මානකඳුරේ පඤ්ඤාසාර හිමියන්ගේ කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වේ. විහාරාධිපති තම්මිට පියනන්ද, විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පින්කම සංවිධානය කර ඇත.