Print this Article


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම සමරුව දා ලේක්හවුස් ආයතනයේ පින්කමින් .....

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම සමරුව දා ලේක්හවුස් ආයතනයේ පින්කමින් .....

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට දීර්ඝායුෂ පතා ලේක්හවුස් ආයතනය සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පසුගිය 18 වැනි දා සහ දානමය පින්කමක් 19 වැනි දා ලේක්හවුස් ආයතනයේ දී පැවැත්වුණි. ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පින්කමට ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු සහ සමාගමේ ලේකම්කුමුදු ගුණවර්ධන මහත්මිය ඇතුළු සේවක සේවිකාවෝ රැසක් සහභාගි වූහ.
 

සර්වරාත්‍රික පිරිත් දේශනයේ දී සධාතුක කරඬුව වෙත සභාපතිතුමා විසින් සම්බුද්ධ පූජාව පවත්වමින්. මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියෝ ද මෙහි වෙති,

සංඝගත දක්‍ෂිණාවේ දී බලංගොඩ සෝභිත නාහිමියෝ අනුශාසනාව සිදුකළ අවස්ථාව

උපුල් දිසානායක මහතා සධාතුක කරඬුව වැඩම කළ අවස්ථාව

සංඝගත දක්‍ෂිණාවේ දී.........

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඒ.එච්.එම්.අස්වර් මහතා සහ කමලා රණතුංග මහත්මිය ඇතුලු ආරාධිත අමුත්තන් සහ අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුලු සේවක සේවිකාවෝ පිරිත් දේශනාව ශ්‍රවණය කරමින්.

සංඝගත දක්‍ෂිණාවේ දී පුණ්‍යානුමෝදනාවට සවන්දෙමින්
ඡායාරූප: රුවන් සිල්වා,ගයාන් පුෂ්පික