Print this Article


ධර්ම දේශනා පුහුණු පාඨමාලාවක්

ධර්ම දේශනා පුහුණු පාඨමාලාවක්

නූතන ශ්‍රී ලංකාවේ ගුණාත්මක ධර්ම දේශනා සම්ප්‍රදායක් ඇති කිරීම හා භික්‍ෂු උපදේශන සේවාවක් ඇති කිරීම අරමුණු කර ගනිමින් තෛ‍්‍රමාසික ධර්ම දේශනා පුහුණු පාඨමාලාවක් පැවැත්වීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ධර්ම දේශනා කිරීමට කැමති භික්‍ෂූන් වහන්සේලාට ධර්මඥානය ලබා දෙමින් උන්වහන්සේලාගේ සන්නිවේදන ශාක්‍යතාව ඇති කිරීම සඳහා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සමඟ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබා දෙනු ඇත. වයස අවුරුදු 15 – 27 අතර වූ භික්‍ෂූන් වහන්සේලාගෙන් 2013 ඔක්තෝම්බර් 31 දින දක්වා අයදුම්පත් බාර ගැනේ. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, දම්සභාව, ශ්‍රී ජේතවනාරාමය, ඉඳුරාගාර, දූනගහ යන ලිපිනයට නම, ලිපිනය හා දුරකථන අංකය ඇතුළත් අයදුම්පතක් එවීමෙන් අදාළ විස්තර ලබාගත හැකි බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.