Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හංවැල්ල, ආටිගල, අංක 312 දරන නිවසේ පදිංචි ලේක්හවුස් ආයතනයේ සේවයේ නියුතු එස්.එල්.ඩී. කිංස්ලි ලාල් මහතාගේ වකුගඩු අක්‍රිය වී ඇත. ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මතයයි.

ඔහුට අවශ්‍ය වී ඇත්තේ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු සිටී නම් දුරකථන අංක 011 3156037, 071 8037909, 077 2806874 ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ශල්‍යකර්මය, ඖෂධ හා පරීක්‍ෂණ ගාස්තු සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බැවින්, මුදලින් ආධාර කළ හැකි පරිත්‍යාගශීලීන් වේ නම් මහජන බැංකුවේ හංවැල්ල ශාඛාව අංක 229 – 2 – 002 – 6 – 0008762 දරන ගිණුමට බැර කරන මෙන් ඉල්ලා සිටියි.
 


කැලණිය, පට්ටිය, බියගමපාර, අංක 83/09 හි පදිංචි එස්.එච්. පසිඳු නුවන් කුමාර දරුවා (අවු. 12) වකුගඩු රෝගයට බඳුන්ව මේ වන විටත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිරය පිරිසුදු කිරීමට ලක්වෙමින් ප්‍රතිකාර ලබයි.

ඔහුගේ ජීවිතය අවදානමින් මුදවා ගැනීම සඳහා හැකි ඉක්මණින් (ඕ පොසිටිව්) ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා ගුණසේකර මහත්මිය විසින් නිර්දේශ කර ඇත. ඒ සදහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 0112 919082 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.
 


කොට්ටාව පැලැන්වත්ත පන්නිපිටියේ අංක 240/5 දරන නිවෙසේ පදිංචි ඩබ්.ඩී. කුමුදිනී පෙරේරා මහත්මිය දරුණු වකුගඩු රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය රුචික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත.

ඇයට අවශ්‍යව ඇත්තේ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බැවින්, වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු සිටි නම් දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. 077 3688854, 0723666933


පානදුර එළුවිල පදිංචි 50 හැවිරිදි දෙදරු මවක් වන ජයනා පි‍්‍රයන්ති මියගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බැවින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කිරීමට අවශ්‍ය බැව් වෛද්‍යවරුන් නිගමනය කර තිබේ. ඇයට වකුගඩුවක් පිරිනැමීමට පරිත්‍යාගශීලියකු ඇතොත් 0382236511 හෝ 0385689541 අංකයට අමතන ලෙස ඉල්ලා සිටී.



 


රත්මලාන කොතලාවලපුර දුම්රිය නිවාසවල අංක බී/29 බී නිවසේ පදිංචි ජී. උදිත ඉසිරකුමාර (අවු. 30) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.

ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් දීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් 077 9838542, 0778358895, 077 6110315 යන දුරකථනවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.


කේ.පී. එලියවීර යන අයට ඉක්මනින් වකුගඩුවක් අවශ්‍ය කර තිබේ. ඕනෑම වර්ගයක ලේ කාණ්ඩයක් ඇති වකුගඩුවක් සුදුසු යි. පරිත්‍යාගශීලී අයෙකු සිටී නම් දුරකථන අංක 072 2903362 දන්වන ලෙස ඉල්ලා සිටියි.


කඩවත ඇල්දෙනියේ අංක 57/56 හි පදිංචි බී.ඩබ්.ජී. ආරියවතී (60) තෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ සඳහා “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් ප්‍රදානය කිරීමට කැමති පින්වතෙකු 071 3025007, 0112 970670, 071 8411227 යන දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


පන්නිපිටියේ, රත්මල්දෙණිය පාරේ, සුහද මාවතේ, අංක 181/ 3 හි පදිංචි එස්. එම්. ඒ. ජයතිලක මහතාගේ වකුගඩු දුර්වලවී ඇති බැවින් ඔහුට වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළයුතු බැවින් “ර්‍ණ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට හැකි පින්වතෙකු වෙතොත් දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලා සිටී. 0714131551 හෝ 0112849750