Print this Article


අමරපුර මහා සංඝ සභාවේ නව සභාපති ධුරයට දොඩම්පහල චන්දසිරි මහ නා හිමි

අමරපුර මහා සංඝ සභාවේ නව සභාපති ධුරයට දොඩම්පහල චන්දසිරි මහ නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති පදවියට පත්, මුල්ලේරියාව නව නගරය, කලපළුවාවේ ගෝතම තපෝවනයේ අනුශාසක, අමරපුර කල්‍යාණිවංශික, පාර්ශවයේ මහානායක, දොඩම්පහල චන්දසිරි මහ නා හිමියන්ට එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඥානේශ්වරාභිධාන මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මේ මස 29 වැනි දා පස්වරු 4 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන උත්සවයට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමැති තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.