Print this Article


විශේෂ පින්කම් මාලාවක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී

විශේෂ පින්කම් මාලාවක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි පොල්ගස්ඕවිට, පාලගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් 13 වන වරටත් මේ මස 21 – 22 දෙදින විශේෂ පින්කම් මාලාවක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වේ.

21 වැනි දා සවස 6.30 ට ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රණීත ගිලන්පස බුද්ධ පූජාවකි. 22 වැනි දා උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් විශේෂ ආහාර බුද්ධ පූජාවක් සහ මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී ගරුතර මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමෙයි.