Print this Article


ආයතනයන්ගෙන් නිදහස්වීමෙන් උපත නවතාගත හැකි ය

ආයතනයන්ගෙන් නිදහස්වීමෙන් උපත නවතාගත හැකි ය

අප තුළ තිබෙන මේ ආයතන අපට අයිති නැති බව ප්‍රඥාවන්ත ආය¸ ශ්‍රාවකයාට ඉතාම හොඳින් වටහා ගැනීමට අවකාශය ලැබේ. එමෙන්ම බාහිර ආයතනද මගේ මගේ කියා ගැනීමට නොහැකි බව අපට වටහා ගැනීමට හැකිවෙයි. මේ අනුව අපට පෙනී යන්නේ දුක හටගන්නේ මේ ආයතන නිසා බවයි. යමෙක් උපදිනවා යනු මේ ආයතනයන්ගේ පහළවීමයි. යම් දිනක අප මේ ආයතනයන්ගෙන් නිදහස් වුවහොත් එවිට අප හට නැවත ඉපදීමක් නැත. සදාකාලික සැනසීම ලබා ගත හැකිය

කල්ප ගණනකින් අමා වැසි වැස්ස වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙලොවට පහළ වී මේ සසරේ අනන්ත දුක් විඳින සත්වයා සසර දුකින් නිදහස් කර ගත් සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව අප කල්ප ගණන් නිරා දුක් විඳී පිරිසකි. එමෙන්ම තිරිසන් ලෝකවලද පේ‍්‍රත ලෝකවලද ඉපිද අනන්ත දුක් වින්ද එමෙන්ම අසුර ලෝකවල ඉපිද අනන්ත අකුසල රැස්කරගෙන දුක් පීඩා වින්ද කලාතුරකින් මේ උතුම් මනුෂ්‍ය ලෝකයේ දෙව්ලොවට ,බඹලොවට පැමිණයෝය.

මෙවැනි අති භයානක සසර කතරින් නිදහස්වීම පිණිස තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් නිවන් මඟ හෙළි පෙහෙළි කළ සේක. ඒ සඳහා විශේෂයෙන්ම ආයතන පිළිබඳ සැබෑ ස්වභාවය තේරුම් ගත යුතු බව, අවබෝධ කරගත යුතු බව අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.සංයුක්ත නිකායේ සළායතන සංයුක්තයේ මේ පිළිබඳව ඉතාමත් විවරණාත්මකව අප බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ සේක.

එහිදී ආයතන වර්ග දෙකක් පිළිබඳව අපට ඉගෙන ගැනීමට හැකිවේ. එනම් අභ්‍යන්තර ආයතන හා බාහිර ආයතන වශයෙනි. අභ්‍යන්තර ආයතනය යනු ඇස, කන, නාසය, දිව, කය හා මනස ආදියයි. බාහිර ආයතන යනු රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ හා අරමුණුය. මේ සියල්ල අනිත්‍ය බව අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. සාමාන්‍යයෙන් අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාට සිතෙන්නේ මේවා නිත්‍යයයි කියාය. එමෙන්ම මේවා තුළ සදාතනික සැපයක් ඇත කියාය. එමෙන්ම මේවා තුළ ආත්මයක් තිබේ කියාය. එහෙත් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියල්ලම අනිත්‍ය බවත් ඒ නිසාම දුක් සහගත බවත් අනාත්ම බවත්ය.

අජ්ඣන්ත අනිච්ච සූත්‍රයේදී ඇස, කන, නාසය, දිව, කය හා මන අනිත්‍ය බව උන්වහන්සේ දේශනාකොට වදාළ සේක. යමක් අනිත්‍ය ද ඒක දුකයි (යදනිච්චං තං දුක්ඛං) දුක් වූ යමක් තිබේද එය අනාත්ම වේ. එනම් තමාගේ වසඟයේ පැවැත්විය නොහැකිය. එබැවින් අනිත්‍ය වූ දුක් අනාත්ම වු ඇස, කන, නාසය , දිව, කය, මන පිළිබඳව දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දැකිය යුතු බව උන්වහන්සේ දේශනා කොට වදාළ සේක.

අජ්ඣන්ත දුක්ඛ හා අජ්ඣන්ත අනිච්ච යන සූත්‍රවලදී විශේෂිතව මේ අභ්‍යන්තර ආයතනවල ඇති දුක් ස්වභාවයන් අනාත්ම ස්වභාවයන් මැනවින් විවරණය කෙරේ. මේ නිසා ශ්‍රැතවත් ආය¸ ශ්‍රාවකයා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස පිළිබඳව කලකිරීම් ඇති කරගනී. ඇස ගැන කලකිරේ . (චක්ඛුස්මිම්පි නිබ්බින්දති) කන ගැන කලකිරේ. (සෝතස්මිම්පි නිබ්බින්දති) නාසය ගැන කලකිරේ. ඝාණස්මිම්පි නිබ්බින්දති දිව ගැනත් කලකිරේ (ජිව්හායපි නිබ්බින්දති) කය ගැනත් කලකිරේ. (කායස්මිම්පි නිබ්බින්දති) මනස ගැනත් කලකිරේ. (මනස්මිම්පි නිබ්බින්දති)

එමෙන්ම බාහිර ආයතන වන රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ හා අරමුණු පිළිබඳවද අවබෝධ කර ගත යුතුය. බාහිරනිච්ච, බාහිර දුක්ඛ, බාහිරානත්ත යන සූත්‍රවලදී අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ඉතා විවරණාත්මක ලෙස දේශනා කොට වදාළ සේක. එහිදී උන්වහන්සේ දේශනා කරන්නේ රූප අනිත්‍ය බවයි. ශබ්ද අනිත්‍ය බවයි. ගඳ සුවඳ අනිත්‍ය බවයි. රස අනිත්‍ය බවයි. පහස අනිත්‍ය බවය. අරමුණු අනිත්‍ය බවයි. එසේ නම් රූප දුක් සහගත වේ. ශබ්ද දුක් සහගත වේ. ගඳ සුවඳ දුක් සහගත වේ. රස දුක් සහගත වේ. පහස දුක් සහගත වේ. අරමුණු දුක් සහගත වේ. එබැවින් රූප අනාත්මය, ශබ්ද අනාත්මය, ගඳ සුවඳ අනාත්ම ය, රස අනාත්මය, පහස අනාත්ම ය, අරමුණු අනාත්මය. බාහිර දුක්ඛ සූත්‍රයේ හා බාහිරානන්ත සූත්‍රය තුළින් ද භාග්‍යවතුන් වහන්සේ මේ බාහිර ක්‍රියා පිළිබඳව තවදුරටත් විවරණය කළ සේක.

ඉහත සූත්‍ර දේශනා වලට අනුව අපට පැහැදිලි වන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය මන යන අභ්‍යන්තර ආයතන මගේ කියා හෝ මම කියා හෝ මගේ ආත්මය කියා ගත නොහැකි බවයි. එමෙන්ම රූප, ශබ්ද, ගන්ධ ,රස, ස්පර්ශ හා අරමුණු යන බාහිර ආයතන මගේ කියා හෝ මම කියා හෝ මගේ ආත්මය කියා ගත නොහැකි බවයි.

අප තුළ තිබෙන මේ ආයතන අපට අයිති නැති බව ප්‍රඥාවන්ත ආය¸ ශ්‍රාවකයාට ඉතාම හොඳින් වටහා ගැනීමට අවකාශය ලැබේ. එමෙන්ම බාහිර ආයතනද මගේ මගේ කියා ගැනීමට නොහැකි බව අපට වටහා ගැනීමට හැකිවෙයි. මේ අනුව අපට පෙනී යන්නේ දුක හටගන්නේ මේ ආයතන නිසා බවයි. යමෙක් උපදිනවා යනු මේ ආයතනයන්ගේ පහළවීමයි. යම් දිනක අප මේ ආයතනයන්ගෙන් නිදහස් වුවහොත් එවිට අප හට නැවත ඉපදීමක් නැත. සදාකාලික සැනසීම ලබා ගත හැකිය.

සංසාර ගමනේදී මේ ආයතන වලට ඇලී ගොස් බැඳී ගොස් දුකට පත්වීමේ මඟ සකස් කර ගත්තේ අප විසින්ම ය. ඒ පිළිබඳව අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අභිනන්ද සූත්‍රයෙන් මනාකොට පැහැදිලි කළ සේක. යමෙක් ඇස පිළිගන්නේ ද ඔහු පිළිගන්නේ දුකයි. (යෝ චක්ඛුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති) යමෙක් දුක පිළිගන්නේද ඔහුට දුකෙන් නිදහස් වීමට නොහැකි වේ. උන්වහන්සේ දේශනා කොට වදාළ සේක. (යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි)

මේ ආකාරයෙන් යමෙක් කන පිළිගන්නේද, නාසය පිළිගන්නේද දිව පිළිගන්නේද, කය පිළිගන්නේද, මනස පිළිගන්නේද ඔහු පිළිගන්නේ දුකයි. එවිට ඔහුට නිදහස් වීමට නොහැකි වෙයි. එමෙන්ම යම් කෙනෙක් ඇස පිළිනොගනීද , කන පිළිනොගනීද නාසය පිළිනොගනී ද, මනස පිළිනොගනී ද ඔහු පිළිනොගන්නේ දුකයි. එසේ නම් මේ භව ගමන සකස් කර ගනිමින් නැවත, නැවත දුකට පත්වෙන තත්ත්වය ඇති කර ගන්නේ අප විසින් මය. ඒ මේ ආයතන වල ට ඇලී යාම ,බැඳීයාම , හේතුවෙනි. එසේ නම් අප කළ යුතුවන්නේ මේ ආයතනවල යථා ස්වභාවය තේරුම් ගැනීමයි. සම්බෝධ සූත්‍රයේදී අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ආයතවල ආශ්වාදයක් ඇති බවයි. එමෙන්ම ආදීනවයක්ද ඇති බවයි. ඒ නිසා එයින් නිදහස් වීමක්ද ඇති බවයි.

මේ ආයතන නිසා ඇති වන යම් සුවයක් සොම්නසක් තිබේ නම් ඒ ආයතන ආස්වාදය බවත්, ඒ ආයතනවල අනිත්‍ය බවක් දුක් බවක් වෙනස්වන ස්වභාවයම අයිති බවක් තිබේ නම් ඒ ආයතනවල ආදීනවය බවත් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. එමෙන්ම ඒ ආයතවලට ඇති ඡන්ද රාගයේ යම් දුරුවීමක් ඇද්ද බැහැර කිරීමක් ඇද්ද ඒ ආයතනවල ඇති නිස්සරණය බව දේශනා කොට වදාළ සේක. එනම් ආයතනවලින් නිදහස්වීම බව දේශනා කොට වදාළ සේක.

එබැවින් ආය¸ ශ්‍රාවකයන් හැටියට අප මේ ආයතන ගැන අවබෝධයෙන් කලකිරිය යුතුය. එවිට මේ ආයතනවලට නොඇලේ . ඒ නිසා නිදහස් වෙයි. නිදහස් වූවාට පසුව නිදහස් වූ බව අවබෝධ වෙයි. එවිට ඉපදීම නැති වෙයි. බඹසර වාසය නම් වෙයි. නිවන පිණිස කළ යුතු දේ කර අවසන් බව වැටහෙයි. නැවත ඒ වෙනුවෙන් කළ යුතු දෙයක් නැති බව අවබෝධ වෙයි. ඔබ සියලු දෙනාටද ආයතන පිළිබඳ වූ සැබෑම කලකිරීම ඇති කරගෙන සසරින් නිදහස් වීමට වාසනාව උදාවේවා!