Print this Article


ගෝනලගොඩ පඤ්ඤාජෝති හිමි උප ප්‍රධාන සංඝනායක පදවියට

ගෝනලගොඩ පඤ්ඤාජෝති හිමි උප ප්‍රධාන සංඝනායක පදවියට

වඳුරඹ, මාබොටුවන ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති ශාස්ත්‍රපති විශ්‍රාමලත් ගෝනලගොඩ පඤ්ඤාජෝති ස්වාමීන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාව ම¼ගින් ගාලු කෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. උන්වහන්සේ රාජකීය පණ්ඩිත උපාධිධාරී ගුරුවරයෙකි.

වසර 30 ක ගුරු සේවයෙන් විශ්‍රාම ගිය පඤ්ඤාජෝති හිමි වඳුරඹ මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලෙහි වසර 21 ක් පුරා නියෝජ්‍ය විදුහල්පති ධුරය දරමින් සේවය කළේ ය.

සුනන්දාරාම විහාරාධිපති ලෙස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ශාසනික සේවාවල නිරත වෙමින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ ධර්ම ඥානය වැඩවීමට දහම් දැනුම ලබාදීම හා සමාජසේවා කටයුතු කළ ජන ප්‍රසාදයට පත් හිමි නමකි.