Print this Article


කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථ නව සංඝාවාසය විවෘත කිරීම 16 දා

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථ නව සංඝාවාසය විවෘත කිරීම 16 දා

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථානයේ ඉදිකරන ලද ධාතු මන්දිරය, දානශාලාව හා සංඝාවාසය සහිත තෙමහල් ගොඩනැඟිල්ල නොවැම්බර් මස 16 වෙනි දින උදේ 8.25 ට කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමි විසින් විවෘත කරනු ලැබේ.

මෙම සංඝාවාසය සිරි පැරකුම්බා පිරිවෙන් විහාරාධිපති හා ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායකව වැඩ විසූ අත්තිඩියේ ධර්ම ශ්‍රී නා හිමියන්ට නිවන්සුව පතා සඟ සතු කර පූජා කෙරෙන අතර එය ‘අත්තිඩියේ ධම්මසිරි නායක ස්වාමීන්ද්‍ර’ අනුස්මරණ මන්දිරය යනුවෙන් නම් කර තිබේ.