කඨීන චීවර පූජෝත්සව
			
			 
			පාගොඩ ධර්ම දූත මධ්‍යස්ථානය
			
			 
			නුගේගොඩ පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේ කඨින මහා පින්කම නොවැම්බර් 10 වන 
			ඉරිදා සිදු කිරීමට දීපව්‍යාප්ත ධර්මදූත සංවිධානය කටයුතු සංවිධානය කර 
			ඇත. ඔක්තෝබර් 27 දා සිට නොවැම්බර් 10 දක්වා දිනපතා රාත්‍රී 7 සිට 8 
			දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත් වේ. 
			දොඩම්ගොඩ අස්සජි නා හිමි, බොරැල්ලේ අතුල නා හිමි, මඩවල ධම්මික ජිනවංශ 
			නා හිමි, මහමෙව්නාවේ මංගල හිමි, කුකුල්පතේ සුදස්සී හිමි, රම්මුතුගල 
			බුද්ධවංශ හිමි, අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමි, මහඔය අනුරුද්ධ හිමි, 
			බණ්ඩාරවෙල අමිතානන්ද නා හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, පානදුරේ 
			ධම්මරක්‍ඛිත හිමි, පල්ලත්තර සුමනජෝති නා හිමි, මීපිටියේ සීලරතන හිමි, 
			ධර්ම දේශනා පැවැත්වීමට නියමිතය. 
			නොවැම්බර් 10 ඉරිදා උදේ 4.30 ට කඨින පූජා පෙරහර කිරුලපන සීබල් මාවත 
			රජවත්ත ටෙරස අංක 04 හි අනුලා ගුණසිංහ මහත්මියගේ සහ පුත් ලලිත් ගුණසිංහ 
			මහතා ගයනී ගුණසිංහ මෙනවිය, පියුමී ගුණසිංහ මෙනවිය ඇතුළු පවුලේ සැමගේ 
			ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 
 
			 
			මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාමබෝධිඝරය
			
			 
			අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරස්ථානයේ මෙවර කඨින 
			පින්කම නොවැම්බර් 8 – 9 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහියංගන 
			රජමහාවිහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ගලගම 
			ශ්‍රී අත්ථ දස්සී නාහිමි ප්‍රධාන මහා සංඝරත්න මෙම පින්කමට වැඩම කෙරේ. 
			විහාරාධිපති, අලව්ව දකුණ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ උප ලේඛකාධිකාරී 
			ධම්මාචාර්ය තෙලිකඩ ධම්මිස්සර හිමිගේ අනුශාසනා පරිදි දායක සභාව පින්කම 
			සංවිධානය කරයි. 
 
			 
			කටුගස්තොට ශ්‍රී දළදා පිරිවෙන් විහාරය
			
			 
			කටුගස්තොට ශ්‍රී දළදා පිරිවෙන් විහාරස්ථ කඨින පින්කම් පූජෝත්සවය 
			නොවැම්බර් 8 සහ 9 දිනයන් හි ඕපල්ගල විජිත නා හිමි අනුශාසකත්වයෙන් 
			පිරිවෙන් විහාර දායක සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරේ. සෙත් පිරිත් දේශනාව 
			8 වෙනි දින සවස 7.00 සිට 8.00 දක්වා පැවැත්වේ. 
			 - කේ. බණ්ඩාරනායක 
 
			 
			බෙලිගල ශ්‍රී විජයසුන්දරාරාමය
			
			 
			කෑගල්ල බෙලිගල ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරස්ථානයේ කඨින පින්කම 
			නොවැම්බර් මස 16 සහ 17 යන දියන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම 
			කටයුතු සඳහා අනුශාසකත්වය ලබා දෙන්නේ විහාරාධිපති දම්මල ධම්මා ලෝක හිමි 
			විසිනි. 
 
			 
			ගල්දූව ආරණ්‍ය සේනාසනය
			
			 
			අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ (ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේ 
			වස් අවසාන කඨින චීවර පූජා මහා පින්කම ජනක චන්දන අබේරත්න මහතාගේ 
			ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 03 වැනි දින පැවැත්වේ. 
 
			 
			මහනුවර කොටුගොඩැල්ල රජමහාවිහාරය
			
			 
			මහනුවර කොටුගොඩැල්ල රජමහා විහාරයේ දී විහාරාධිපති නා හිමියන්ගේ 
			මූලිකත්වයෙන් කඨින පින්කම නොවැම්බර් මස 8, 9 දිනයන්හි විහාරස්ථ කාර්ය 
			සාධක සමිතිය සහ විහාරාධිකාරි අමුණුගම ශ්‍රී නිවාස හිමි සහභාගිත්වයෙන් 
			පැවැත්වේ. 8 වෙනිදා සවස රාජකීය පණ්ඩිත මාතලේ අරියධම්ම හිමි විසින් 
			පවත්වනු ලබන ධර්මදේශනාවකි. 
			- කේ. බණ්ඩාරනායක 
 
			 
			මාතලේ බෞද්ධ සේවා මධ්‍යස්ථානය
			
			 
			මාතලේ කොහොඹිලිවල බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති අම්පිටිය ධම්මකිත්ති 
			හිමි ප්‍රධානත්වයෙන් හා ගෝතමී බෞද්ධ කාන්තා සමිතියේ ප්‍රධානත්වයෙන් 
			කඨින පින්කම නොවැම්බර් 9 සහ 10 දිනවල සිදු කෙරේ. - කේ. බණ්ඩාරනායක 
 
			 
			හේනාවල සිරි සිදුහත් ආරණ්‍ය සේනාසනය
			
			 
			කඩුගන්නාව, හේනාවල සිරි සිදුහත් ආරණ්‍ය සේනාසනයෙහි මෙම වසරේ වස් අවසාන 
			මහා පුණ්‍යෙීත්සවය, ආරණ්‍ය සේනාසනාධිපති මාපලගම ධම්මවිසුද්ධි 
			මාහිමියන්ගේ අනූශාසනා පරිදි නොවැම්බර් 5, 6 දිනවල පැවැත්වීමට සිරි 
			සිදුහත් ආරණ්‍ය සේනාසන දායක සභාව මඟින් විධි විධාන යොදා ඇත. 
			නොවැම්බර් 05 දා සවස සත්බුදු වන්දනාව හා විශේෂ බෝධි පූජාවකින් ඇරඹෙන මේ 
			මාහැඟි පින්කම් මාලාවට සමගාමීව, අලුතෙන් ඉදිකරන ලද කුටි සේනාසනය 6 දා 
			පෙරවරු 9.00 ට සඟසතු කොට පූජා කිරීමද සිදු කෙරේ. 
			නොවැම්බර් 06 දා පෙරවරු 10.30 ට බුද්ධ පූජා පවත්වා කඨින චීවර පූජා 
			පින්කම පැවැත්වේ. 
			මහනුවර දකුණ විශේෂ – ආර්.එම්. රත්නායක 
 
			 
			ඉංගිරිය මඩකඩ ආරණ්‍යය
			
			 
			ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ කඨින මහා පින්කම් මාලාව නොමැම්බර් 16 සහ 
			17 දෙ දින අම්පිටියේ මංගල නා හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 
			ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ආදි කර්තෘ රන්වල ශ්‍රී සද්ධාතිස්ස 
			(දොස්තර හාමුදුරුවන්ගේ) හිමිපාණන් හට පුණ්‍යානුමෝදනා කිරීමද මෙම කඨින 
			පින්කම් මාලාවට අයත්ව පවතී. 
			- පත්ම ශ්‍රී දසනායක, ගෝනපොල සමූහ වාර්තාකරු 
 
			 
			දෙහිවල දාර්ශනිකාරාමය
			
			 
			විහාරාධිපති, ශාස්ත්‍රපති අම්බලම්ගොඩ ධම්මාලංකාර හිමිගේ අනුශාසකත්වයෙන් 
			මේ මස 01, 02 යන දෙදින තුළ වාර්ෂික කඨින පින්කම පැවැත්වේ. මෙම කඨින 
			පින්කමේ පූර්ණ දායකත්වය පී.කේ. මහින්ද පීරිස් මහතා සහ එම්.ඩී. 
			පි‍්‍රයංකා මනෝරි මහත්මිය දරයි. 
 
			 
			කහතුඩුව ශ්‍රී නන්දනාරාමය
			
			 
			කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ කඨින පින්කම නොවැම්බර් 3 වන දා විහාරාධිපති 
			කහතුඩුවේ විමලතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. පරලොව 
			සැපත් සේනක සිරිමෙවන් ජයසිංහ මහතාට පින් පිණිස අමිතා කුමාරි ජයසිංහ 
			මහත්මිය ඇතුළු විහාරස්ථ දායක පින්වතුන්ගේ දායකත්වයෙන් එම පින්කම 
			පැවැත්වේ. 
 
			 
			කුරුණෑගල ශ්‍රී සාරානාත් විහාරය
			
			 
			කුරුණෑගල දඹුල්ල පාර අංක 253 ශ්‍රී සාරානාත් විහාරයේ වාර්ෂික කඨින චීවර 
			පින්කම මේ මස 02 – 03 දින වලදී විහාරාධිපති ශාස්ත්‍රපති උප්පලවත්තේ 
			විමලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. මේ පින්කමට දේව මැදිහත් 
			පත්තුවේ ප්‍රධාන සංඝනායක පාදෙනිය පුරාණ රාජමහා විහාරාධිපති කටමුළුවේ 
			ශ්‍රී සුමනරතනාභිධාන නා හිමි ප්‍රධාන පහළොස් නමක් විෂයෙහි මහා සංඝගත 
			දක්‍ෂිණාවක් පිරිනැමෙන අතර කඨිනානිසංස ධර්ම දේශනාව කනදුල්ල ශ්‍රී 
			ධර්මරාජ පිරිවෙන් මහා විහාරාධිපති ඉලිප්පදෙණියේ සීවලි නා හිමියන් 
			විසින් සිදු කෙරෙනු ඇත. 
 
			 
			අත්තිඩිය මාලිගාවත්ත විහාරය
			
			 
			අත්තිඩිය මාලිගාවත්ත විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 1 සහ 2 යන දිනවල 
			සිදු කෙරේ. එම පින්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති 
			මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 
			පින්කමට පෙර විශේෂ ධර්ම දේශනා මාලාවක් සහ බෝධි පූජා මාලාවක් ද 
			පැවැත්වීමට නියමිතය. නොවැම්බර් මස 2 දා පෙරවරුවේ පැවැත්වෙන කඨිනානිසංස 
			ධර්ම දේශනාවෙන් අනතුරුව පූජෝත්සවය අවසන් කෙරේ.  
			මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක 
 
			 
			තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම
			
			 
			තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ මෙහෙයවීමෙන් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් 
			දුෂ්කර ගම්මානවල පිහිටි විහාරස්ථාන අටක මෙම වර්ෂයේ කඨින පින්කම් 
			සංවිධානය කර ඇත. 
			එම විහාරස්ථානවල යම් යම් ඉදි කිරීම් සඳහා ද දායකත්වය ලබා දෙමින් සිදු 
			කරන එම පින්කම් සම්බුද්ධ පූජා, බෝධි පූජා, සෙත් පිරිත් දේශනා, සංඝ ගත 
			දක්‍ෂිණා, ආදි පින්කම් සහිතව සිදු කරන අතර ගම් වැසියන් සඳහා දන්සැල් 
			පැවැත්වීමට ද නියමිතය. 
			1.සුදර්ශනාරාමය, කලුගහකදුර, මීගහකිවුල, බදුල්ල, ඉකුත් 25 – 26 විශේෂ 
			සේවාව බෝධි ප්‍රාකාරය ඉදි කිරීම, සංඝාවාසය වැඩිදියුණු කිරීම, 2 – පුරාණ 
			විහාරය, පල්ලෙකිරුව, ලුණුගල, බදුල්ල ඉකුත් 26 – 27 විශේෂ සේවාව 
			වැසිකිළි දෙකක් ඉදි කිරීම, විදුලිය ලබා දීමට සහාය වීම 3 - වෙහෙරගලකන්ද 
			ආරණ්‍ය සේනාසනය, වාහල්කඩ, අ/පුර 02 – 03 විශේෂ සේවාව වැසිකිලි දෙකක් 
			ඉදි කිරීම, 4 – බිසෝගල සේනාසනය මුල්ගිරිගල, හම්බන්තොට 10 –11 විශේෂ 
			සේවාව ශීල භාවනා ශාලාව ඉදි කිරීම 5 - ශි‍්‍ර නිකේතනාරාමය මීගලෑව, 
			ගල්ගමුව, 11 – 12 විශේෂ සේවාව සංඝාවාසය වැඩිදියුණු කිරීම, 6 - ශි‍්‍ර 
			ඉසිපතනාරාමය, රත්මල්කණ්ඩිය, දිඹුලාගල, පො/නරුව 12 – 13 සිංගප්පූරු දායක 
			පිරිස, 7 - ශි‍්‍ර ජිනේන්ද්‍රාරාමය මුදුන්කඩවල, දිඹුලාගල, පො/නරුව 12 – 
			13 8 – පාෂානපබ්බත විහාරය, සේරු නුවර ත්‍රි / මලය 13 – 14 විශේෂ සේවාව 
			පෙර පාසලට උපකාර කිරීම.  |