Print this Article


දස වසර පිරි මැදවල අංගොඩ ශ්‍රී සෝභිත දහම් පාසල

දස වසර පිරි මැදවල

අංගොඩ ශ්‍රී සෝභිත දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමි ( දකුණේ ) සමඟ ආචාර්ය මණ්ඩලය

දස වසරක් තුළ ධර්‍ම දැනුම අතින් උසස් ප්‍රතිඵල දැක්වූ දහම් පාසලක් වශයෙන් හාරිස්පත්තුව උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ මැදවල අංගොඩ ශ්‍රී බෝධි රාජාරාම මූල මහා විහාරයේ ශ්‍රී සෝභිත දහම් පාසල හැඳින්විය හැකිය. 2003 පෙබරවාරි 09 වෙනි දින යටිනුවර ප්‍රධාන සංඝ නායක අංගොඩ ශ්‍රී බෝධිරාජාරාමාධිපති අරඹේගම විමලධජ නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ වූ ශ්‍රී සෝභිත දහම් පාසල හාරිස්පත්තුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සූරියගොඩ සීලවිමල හිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් යුත් දොළොස් දෙනෙකුගෙන් ආචාර්ය මණ්ඩලයක් යටතේ වර්තමානයේ සිසු දරුවෝ දහම් දැනුම ලබති.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් උසස් ප්‍රතිඵල දැක්වූ ශ්‍රී සෝභිත දහම් දරුවන් අතර 2012 වසරේ හයවෙනි ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් මහනුවර දිසා තරගයේ ශ්‍රේණි විභාගයේ වැඩිම ලකුණු ලබාගෙන පාසලට කීර්තියක් ලබාදීම විශේෂතාවයකි. පාලි, අභිධර්‍මය විෂයන් කෙරෙහි විශේෂතාවක් දක්වා ධර්මාචාර්ය පරීක්ෂණ සඳහා දරුවන් ඉදිරිපත් කර ඇත.


ලේඛකාධිකාරී ප්‍රධානාචාර්ය සූරියගොඩ සීලවිමල හිමි  සමඟ ශිෂ්‍ය නායක නායිකාවන්

වෙසක්, පොසොන් භක්ති ගීත වැඩසටහන් රෝහල් ශ්‍රමදාන, රෝගීන්ට උපස්ථාන කිරීම, ශීල, භාවනා වැඩසටහන් අධ්‍යාපන චාරිකා බාහිර ක්‍රියාකාරිකම් වෙති. ශිෂ්‍යනායක, ජයපූර්ණ දීඝායු බණ්ඩාර, කල්පනි, නියඹේපොල ශිෂ්‍ය නායක, නායිකාවන් සමඟ යොහාන් ශිගුණාන්, චමල් දිලූෂ, පොල්කොටුව, මධුකා සේනානායක, තිලිනි රත්නායක යන දරුවන් නායකත්වයට ලබාදෙන සහාය වැදගත්ය. ආචාර්ය මණ්ඩලය, සූරියගොඩ සීලවිමල හිමි, (ප්‍රධානාචාර්ය) කොණකලගල ශාන්ත විමල හිමි, ගොඩිගමුවේ සීලවිමල හිමි, සෝමා දයානන්ද, ධම්මිකා, රන්කොත්ගේ, ඩී.ඒ. ජී. චන්ද්‍රා පද්මිණී, සුමිත්‍රා, මකුලොලුව, දිස්නා අබේරත්න, යමුනා, කුමාරි රණසිංහ, ශ්‍රීමති සේපාලි යන ධර්‍මාචාර්ය මණ්ඩලයට, දහම් පාසල් සංවර්ධන සමිතිය ලබාදෙන සහාය නිසා ශ්‍රී සෝභිත දහම් පාසල අනාගතයේ දී හාරිස්පත්තුව උතුර ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දීප්තිමත් දහම් පාසලක් වනු ඇත.