Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මාතලේ මනන්වත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ අභිනව චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. එහිදී කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාව සඳහා කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් හා අත්තනගලු රාජ මහා විහාරාධිපති සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ද මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරාධිපති මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය සහභාගිවූ අතර මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිර්මාණ ශිල්පියා වූයේ මාතලේ දොඹවෙල ඩබ්ලියු. එම්. ආරියරත්න මහතාය.

බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන් විහාරාධිපති ඇහැලියගොඩ ධම්මපාල නාහිමියන් විසින් රචිත ‘ගතින් මිදුණ සිතක්’ නමැති ධර්ම ග්‍රන්ථය එළිදැක්වීම ඇහැලියගොඩ ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදු කෙරිණි. එහිදී සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන් වෙත ධර්ම ග්‍රන්ථය පිළිගැන් වූ අයුරු.
ඡායාරූපය – බුළුගහපිටියේ පී.සිරිසේන ආරච්චි