Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පානදුර එළුවිල පදිංචි 50 හැවිරිදි දෙදරු මවක් වන ජයනා පි‍්‍රයන්ති මියගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කිරීමට අවශ්‍ය බැව් වෛද්‍යවරුන් නිගමනය කර තිබේ. ඇයට වකුගඩුවක් පිරිනැමීමට පරිත්‍යාගශීලියකු ඇතොත් 0382236511 හෝ 0385689541 අංකයට අමතන ලෙස ඉල්ලා සිටී.


 


පිළියන්දල, මිරිස්වත්ත ගැටබුවාන පාර අංක 1414 හි පදිංචි පී.විපුල පීරිස් මහතා වකුගඩු රෝගයකට බඳුන්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ ඕ පොසිටිව්” (ර්‍ණ+) වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් නිර්දේශ කර ඇත. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 071 7875640 දුරකථනයට දන්වන ලෙස ඉල්ලා සිටී.


රාජගිරිය නාවල පාරේ 421 හි පදිංචි එන්.විජේරත්න මිය (අවු. 56) වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා දන්වා ඇත. ඇයට බද්ධ කිරීම සඳහා වයස අවු. 25 – 55 වයස් කාණ්ඩයේ ඕනෑම අයකුගේ වකුගඩුවක් සුදුසු බව වෛද්‍යතුමා පවසයි. එබැවින් පරිත්‍යාගශීලීන් වෙත්නම් දුරකථන අංක 0112878540 හෝ 0772917670 දන්වන ලෙස ඉල්ලා සිටී.