Print this Article


බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව කුලපති තනතුරට පත් වේ

බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව කුලපති තනතුරට පත් වේ

පැල්මඩුල්ල රාජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්කර ඇත.

බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ලෝහිත සුව පිණිස ශාසනික ආගමික ජාතික මෙහෙවරෙහි නිරත වන ධර්මධර යතිවරයන් වහන්සේ නමකි. ජනාධිපතිතුමා විසින් මෙම පත්කිරීම කරන ලද්දේ පසුගියදා අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අළුත්වැව සෝරත නා හිමියන්ගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ය.