Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහර කිරිකිත්ත නැඟෙනහිර කෙසෙල් කන්ද කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේ අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් ඉකුත් 28 වන දින නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ සහ මහර ප්‍රාදේශීය සභාවේ සභාපති දේශබන්දු සහන් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කරන ලදී. කලපළුවාවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්විණි.

යක්කල, කොස්කඳවල සිරි සුනන්දාරාම රජමහ විහාරවාසී වටිනාපහ සරණසිරි ස්වාමීන් වහන්සේගේ, ගිහි කළ පාසල් මිතුරු මිතුරියන්ගේ සහයෝගයෙන්, මරණයට කැපවූ ගවයින් හය දෙනෙක් ද, සිරකර සිටි කුරුල්ලන් ද, නිදහස් කිරීමේ පින්කමක් පසුගියදා සිදු කරන ලදී. එහිදී දැනට ජීවතුන් අතර නොමැති මිතුරන්ට ද, ඔවුන්ගේ පවුල්වල මිය පරලොව ගිය ඥාතීන්ට පින් පැමිණවීමටද, ජීවත්ව සිටින අයට, නිරෝගී සම්පත් සහ සෙත් පැතීමේ අරමුණින් යුතුව කරන ලද එම පින්කමේ දී එක ගවයෙකු වටිනාපහ සරණසිරි හිමියන්ට කෘතගුණ පළකළ අයුරු.
- සේයාරුව - විළිඹුල සරත් චන්ද්‍රසේකර

 කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන නාමාවලියේ 2013 වසර සංස්කරණය පසුගියදා නිකුත් විය. ‘උරුමයක උල්පත පදනම’ හතරවැනි වතාවට සංස්කරණය කරන ලද එම නාමාවලියෙහි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහ තුනක පිහිටා ඇති විහාරස්ථානවල තොරතුරු ඇතුළත්ය. නාමාවලිය මහා සංඝරත්නයට පිරිනැමීම සහ දහම් සභාව සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ වැඩබලන මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානයේ දී පැවැත්විණ. උරුමයක උල්පත පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එම නාමාවලිය පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයෙහි දැක්වෙයි. - ගාමිණී සරත් ගොඩකන්ද