Print this Article


ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම

ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම

හෝමාගම ගලවිලවත්තේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම ඔක්තෝබර් මස 16 සිට 20 දක්වා මධ්‍යස්ථානාධිපති, පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්ය, රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් සංවිධාන කමිටුවේ මෙහෙයවීමෙන් සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ.

16 දින රාත්‍රි 7. 30 ට ධර්ම දේශනාව දකුණු හෝකන්දර දක්‍ෂිණාරාමාධිපති, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, මාදුරුඔයේ ධම්මිස්සර හිමියන්ද, 17 දින නාරාහේන්පිට පට්ඨාන ධර්ම සභාවේ අනුශාසක, ත්‍රිපිටකාචාර්ය, කොරතොට වෙස්සභූ හිමියන්ද, 18 දින හොරණ බටුවිට සඳවිමල සෙනසුන්වාසී, ශාස්ත්‍රපති, පැලැන්වත්තේ ධම්මරක්ඛිත හිමියන්ද පවත්වනු ලැබේ.

19 සෙනසුරාදා සවස 2. 30 සිට කඨින චීවර පූජෝපහාර පෙරහර ගලවිලවත්ත මංසන්ධියෙන් ආරම්භ වී ග්‍රාම සංචාරය කිරීම හා රාත්‍රී 7. 30ට මිගදාය සාරවිදහන සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ප්‍රීති කුලතුංග මහතා මෙහෙයවන විශේෂ ආශිර්වාද සත්බුදු පූජාව ද,

20 අලුයම 5. 45 ට කඨින චීවරය භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවීම හා සඟසතු මහා දානය පිරිනැමීම සිදු කෙරේ.